Monday, April 8, 2013

ඇල්මෙන් අකුරු කරවා නම තියයි පුතා

වල් කොළ බිම අතුට නිදි නොලැබ දුක් තකා
ඇල්මෙන් අකුරු කරවා නම තියයි පුතා
2013 අපේ‍්‍රල් මස 07 19:43:59 | ලසන්ත නිරෝෂණ පෙරේරා
කුප්පි ලාම්පු එළියෙන් පාඩම් කර හුළු අත්තක් පත් කරගෙන අළුයම කරවිට නගරයට අවුත් තේ කම්හල් ලොරියෙන් පාසලට  ගිය  රත්නපුර ශාන්ත ඇලෝසියස් විද්‍යාලයයේ කේ. සහන් ලක්ෂිත විජේවන්ත  මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ශ්‍රී ලංකාවෙන්ම පස් වැනියා බවට පත්විය.  
කරවිට, පලාවෙල පොල්වත්තේ සිය ගෙදර සිට පාසලට ඇති දුර කිලෝමීටර 30කි.
ඔහුගේ පියා අසනීපයෙනි. මව තේ කම්හලක සුළු රැකියාවක් කරන්නීය.
තේවත්තේ ඉඩමක ටකරන් ගැසූ ගෙයක ඔහු සහ පවුලේ සාමාජිකයන් ජීවත් වෙයි. වැසිදාට ගේ තෙමෙන නිසා පාඩම් කිරීම ද ප්‍රශ්නයකි.
බොහෝවිට ඔහු පාසල් වෙලාවෙන් පසුව පාසලේ නැවතී පාඩම් කරන බව ද දැනගන්නට ලැබේ.
මහින්ද රාජපක්ෂ ජනපති ඔහුට ලැප්ටොප් පරිගණකයක් පිරිනැමූ නමුත් ගෙදරට විදුලිය නැත.
ඔහුගේ දුරකතනය - 071 183 38 78 
මහජන බැංකුවේ කරවිට ශාඛාවේ ගිණුම් අංකය - (කේ එස් ලක්ෂිත විජේවන්ත) 478-209-062792-7
 


http://www.lankadeepa.lk/index.php/articles/107408

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි