විමලසිංහ අනුස්මරණ හොකී ශූරතාව මාතලේ ක්‍රිස්තුදේව ජාතික පාසලට

මාතලේ එඩ්වඩ් හොකී ක්‍රීඩාංගණයේදී පැවැති මේ තරගාවලියේ අවසන් මහා තරගයේදී මාතලේ සහිරා ජාතික පාසල් පිල ගෝල් 2-0කින් පරාජය කිරීමට කිස්තුදේව විදුහලට හැකිවිය. චතුරංග චන්ද්‍රසේන සහ නදීෂ බණ්ඩාර ජයග්‍රාහී ගෝල් වාර්තා කළ අතර කුෂාන් චින්තක ධනංජය විසින් ක්‍රිස්තුදේව කණ්ඩායම මෙහෙයවීය. අනුශූරතාව දිනු සහිරා විදුහල් පිල අහමඩ් අදීල්ගේ නායකත්වයෙන් තරග වැදිණි.
තරගාවලියේ තෙවැනි ස්ථානය මාතලේ විජය ජාතික පාසල ගෝල් 1-0ක් ලෙස පරාජය කරමින් මාතලේ සාන්ත තෝමස් ජාතික පාසල් කණ්ඩායම දිනාගත්තේය.
ජයග්‍රාහී ගෝලය එන්.ඒ.විල්වලආරච්චි විසින් වාර්තා කරන ලදි.
ශ්‍රී ලංකා හොකී පිල නියෝජනය කළ සරත් විමලසිංහ, තිලක් විමලසිංහ යන නායකයන් බිහිකළ මාතලේ විමලසිංහ පවුලේ ඒ.විමලසිංහ, විමලා විමලසිංහ සහ ඩබ්.පී.උඩුවාවල මහත්ම මහත්මීන් අනුස්මරණය සඳහා තරගාවලිය පැවැත්විණි.
හිටපු ජාතික හොකී ක්‍රීඩකයකු වන එස්.අයි.අජ්ජුවාඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් තරගාවලියේ ජය සංකේත ප්‍රදානය සිදු කෙරුණු අතර මාතලේ දිස්ත්‍රික් ක්‍රීඩා සම්බන්ධීකරණ නිලධාරී රංජිත් අලුවිහාරේ, ශ්‍රී ලංකා හොකී පිලේ හිටපු නායක තිලක් විමලසිංහ මහත්වරුන් මේ අවස්ථාවට එක්වුහ.
.අසෝක හිඳගොඩ මාතලේ දිසා විශේෂ
Dinamina
0 comments:
Post a Comment
ඔබගේ අදහස් අපට මහ මෙරකි