Tuesday, April 23, 2013

හෝමාගම අධ්‍යාපන කොට්ඨාස ක්‍රීඩා ශූරතාව සීතාවකට

හෝමාගම අධ්‍යාපන කොට්ඨාස ක්‍රීඩා ශූරතාව සීතාවකට

හෝමාගම අධ්‍යාපන කලාප කාර්යාලය සංවිධානය කළ කලාප මලල ක්‍රීඩා තරගාවලියේ ශූරතාව අත්කරගැනීමට සීතාවක අධ්‍යාපන කොට්ඨාසය සමත්විය. එහි දෙවැනි ස්ථානය හෝමාගම අධ්‍යාපන කොට්ඨාසය හිමිකරගත් අතර පාදුක්ක අධ්‍යාපන කොට්ඨාසයට තුන්වැනි ස්ථානය හිමිවිය.
හෝමාගම, පාදුක්ක හා සීතාවක අධ්‍යාපන කොට්ඨාසවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ ක්‍රීඩා උළෙලට සහභාගි වූහ.හංවැල්ල රාජසිංහ විදුහලේ පැවැති මේ ක්‍රීඩා උළෙලේ ජය සංකේත හා ත්‍යාග ප්‍රදානෝත්සවය අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මේ අවස්ථාවට ඇමැති ගීතාංජන ගුණවර්ධන, හෝමාගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පාලිත වීරසූරිය මහත්වරු ද සහභාගි වූහ.


මංජුල හිරිපිටිය හෝමාගම සංචාරක
http://www.dinamina.lk/2013/04/23/_art.asp?fn=s1304234

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි