Monday, April 22, 2013

සා/පෙළ ඇගයීම් වාර්තා පාසල්වලටත්

 සා/පෙළ ඇගයීම් වාර්තා පාසල්වලටත්
http://www.sac.sch.lk/web/images/sac_images/sac_ol_results.jpg
විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද සාමාන්‍ය පෙළ ප්‍රධාන විෂයයන් හි ඇගයීම් වාර්තා මෙම මස 29 වැනිදා සියලුම කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන්ට ලබා දීමට සැලසුම් කර ඇත. කලාප අධ්‍යක්‍ෂවරුන් මගින් සියලුම පාසල්වලට මෙම ඇගයීම් වාර්තා බෙදා හරින බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට මෙම ඇගයීම් වාර්තා උපයෝගි කර ගත හැකි ආකාරය සම්බන්ධයෙන් විෂය අධ්‍යක්‍ෂවරුන් සහ ගුරු උපදේශකවරුන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක්‌ ද විභාග දෙපාර්තමේන්තුව සංවිධානය කර ඇත. ඒ අනුව මධ්‍යම, බස්‌නාහිර සහ උතුර යන පළාත්වල විෂයය අධ්‍යක්‍ෂවරුන්ට හා ගුරු උපදේශකවරුන්ට විද්‍යාව විෂයය සම්බන්ධයෙන් ද ලබන 30 වැනිදා ගණිතය විෂයය සම්බන්ධයෙන් ද දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වේ. මීට අමතරව දකුණ හා නැගෙනහිර පළාත්වල විෂයය අධ්‍යක්‍ෂවරුන් හා ගුරු උපදේශකවරුන් විද්‍යාව සහ ගණිතය යන විෂයයන් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වෙන්නේ පිළිවෙළින් ලබන මස 2 හා 3 යන දිනවලය.

සිංහල, දෙමළ, ගණිතය, විද්‍යාව, ඉතිහාසය සහ ඉංගී්‍රසි යන ප්‍රධාන විෂයයන් සඳහා විභාග දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති ඇගයීම් වාර්තා පාසල් දරුවන්ට මෙන්ම ගුරුවරුන්ටද අතිශයින් වැදගත්ය.



http://www.divaina.com/2013/04/22/gurusitha02.html

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි