Saturday, April 6, 2013

සාපෙළ විශිෂ්ටයන් එකොළොස්දෙනා

X
සාපෙළ විශිෂ්ටයන් එකොළොස්දෙනාට ජනපතිතුමා අතින් ලැප්ටොප් පරිගණක 2012 අපොස සා පෙළ විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලැබූ සිසුහු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ඇගැයීමට ලක්විය. සිය මවුපියන් සමඟ ඉකුත් සිකුරාදා අරලියගහ මන්දිරයට පැමිණි සිසුහු ජනාධිපතිතුමා හමුවූ අතර ජනාධිපතිතුමා ඔවුනට සුභාශිංසන පළ කෙළේය. ප්‍රථම ස්ථාන කොළඹ රාජකීය විද්‍යාලයේ ජේ. ඒ. දසුන් ඕෂද ජයසිංහ සහ ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ පී. ඒ. මධුශානි චතුරිකා කුලතුංග හිමිකැර ගෙන ඇත. අනුපිළිවෙළින් විශිෂ්ටතා දැක්වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙසේ ය. කේ. අයෝධ්‍යා ගයාත්‍රී ද අල්විස් (ගාල්ල සංඝමිත්තා බාලිකා) ආර්. ඒ. අමා මඳස්මිතා රණවක (කොළඹ විශාඛා), කේ. සහන් ලක්ෂිත විජේවන්ත (රත්නපුර ශාන්ත ඇලෝසියස්), කේ. පී. ජේ. තෙපුලි උමේෂා කරුණාවල්ලභ (ගම්පහ රත්නාවලී), සඳනි ඉරංගා දික්පිටිය විතානගේ (කොළඹ දේවි බාලිකා) ආර්. එම්. දුල්මිණි වත්සලා රත්නායක (ගම්පහ රත්නාවලී), ළහිරු රන්දුල කුලරත්න (මහනුවර ත්‍රිත්ව), පී. මෙලෝනි නිමාශා ද අල්මේදා (කොළඹ විශාඛා), ඩබ්ලිව්. ඒ. කේ. පිපුණි තරුෂිකා (මාතර සුජාතා බාලිකා) මේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත ලැප්ටොප් පරිගණක ප්‍රදානය කිරීම ජනාධිපතිතුමා අතින් සිදුවූ අතර මහජන බැංකුව හා ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් මුදල් පරිත්‍යාග ද සිදු කැරිණි. අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න, අධ්‍යාපන ඇමැති බන්ධුල ගුණවර්ධන, අධීක්ෂණ මන්ත්‍රී මොහාන් ලාල් ග්‍රේරු, නියෝජ්‍ය අමාත්‍ය එම්. කේ. ඩී. එස්. ගුණවර්ධන මහත්වරු ඇතුළු අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු ද මහජන බැංකුවේ සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපතිවරු ද විශිෂ්ට ප්‍රතිඵල ගෙන දුන් විදුහල්වල විදුහල්පතිවරු ද මවුපියෝ ද මේ අවස්ථාවට සහභාගි වූහ. ඡායාරූපය සුදත් සිල්වා

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි