Wednesday, April 17, 2013

සෙල්ලම් "ලෙල්ලම් වී" දරුවන් 44 ක්‌ ළමා රෝහලේ

සෙල්ලම් "ලෙල්ලම් වී" දරුවන් 44 ක්‌ ළමා රෝහලේ

http://wolfsonlawfirm.com/WPWLF/wp-content/uploads/2012/12/accident-child.jpg

සිංහල අලුත් අවුරුදු දින දෙකේදී කළ විවිධ අනතුරුවලට ලක්‌වූ දරුවන් 44 දෙනකු කොළඹ රි-වේ ආර්යා ළමා රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර ඇතැයි එහි අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය රත්නසිරි ඒ. හේවගේ මහතා "දිවයින"ට පැවැසීය.

එය පසුගිය වසරට වඩා විශාල අඩුවීමක්‌ බවද හෙතෙම කියා සිටියේය.

රතිඤ්ඤා කරලක්‌ ලාච්චුවකට දමා දැල්වීමට ගිය කුඩා දරුවකු එය පුපුරා යැමත් සමග මුහුණ බරපතළ ලෙස පිළිස්‌සී රෝහල්ගත කළ බවත් තවත් දරුවකු කිරි උතුරුවන අවස්‌ථාවේ එම මුට්‌ටිය පෙරළීමෙන් පිළිස්‌සී රෝහල්ගත කළ බවත් ඉතිරි දරුවන් සෙල්ලම් කරමින් සිටියදී වැටී තුවාල ලබා රෝහල්ගත කර ඇති බවත් ඒ මහතා කීය.



ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ
සචිත්‍ර ඇල්වලගේ

http://www.divaina.com/2013/04/17/news15.html

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි