Sunday, April 28, 2013

විද්‍යාව සහ ගණිතයට උසස් පෙළ වැඩි ඉඩක්


විද්‍යාව සහ ගණිතයට උසස් පෙළ වැඩි ඉඩක්

2016 වන විට උසස් පෙළ විද්‍යාව හා ගණිතය ඉගෙන ගන්නා දරුවන්ගේ ප්‍රමාණය සියයට 40 දක්වා වැඩි කිරීමටත් කලා විෂයයන් උගන්නා සංඛ්‍යාව 25 දක්වා අඩුකර තොරතුරු තාක්ෂණය සියයට 75 දක්වා වැඩි කිරීමටත් කටයුතු යොදා ඇති බව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
පසුගිය සාමාන්‍ය පෙළ විභාගයේ දී විද්‍යාව සහ ගණිතය සමත් වෙනත් ඕනෑම විෂයකට සම්මාන තුනක් ලබා ඇති දරුවන්ට උසස් පෙළ හැදෑරීමේදී තාක්ෂණික විෂය ධාරාව තෝරා ගැනීමට හැකිවන අතර, කලා අංශයට පමණක් තෝරාගත් ග්‍රාමීය සිසුන්ට ඉංජිනේරු තාක්ෂණය හැදෑරීමටත් මේ යටතේ අවස්ථාව උදාවෙනු ඇත.
මේ ක්‍රමය මඟින් රටේ දරුවන්ගේ තාක්ෂණික දැනුම වැඩි කිරීමට කටයුතු සැලැසෙන බව පැවැසූ ඇමැතිවරයා අපේ දරුවන් වැඩි ප්‍රමාණයක් තාක්ෂණික විෂයයන් කෙරෙහි හුරු කළ යුතු බව ද පැවැසීය. තාක්ෂණ විෂයයන් කෙරෙහි වැඩියෙන් යොමු කිරීමෙන් වැඩිපුර රැකියා අවස්ථා උදාකළ හැකි බවත් ඇමැතිවරයා කීය.

රූපාන්ති බුලත්සිංහල


0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි