Thursday, April 4, 2013

පාසල් ළමුන් සඳහා රියනියාමක පුහුණු වැඩමුළුවක් මාතරදී

vehicale2013

රිය අනතුරු අවම කිරීම සඳහා දිවයින පුරා පාසල් දරුවන් දැන්වත් කිරීමේ හා පුහුණු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක වන අතර මීට සමගාමීව මාතර දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන දාහතරම (14) නියෝජනය වන පරිදි පාසල් පනහක (50) සිසුන් තුන්සිය දෙනෙකුගේ සහභාගීත්වයෙන් රිය නියාමක පුහුණු වැඩමුළුවක් ඊයේ (3) මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.
මේ වර්ෂයේදී පමණක් මේ වන විට මාතර දිස්ත්‍රික්කයේ රිය අනතුරු එකසිය දහඅටක් (118) පමණ වාර්තා වී ඇති අතර මින් මිය ගොස් ඇති සංඛ්‍යාව දොළොස් දෙනෙකි. ඉදිරියේදී මෙම තත්ත්වය අවම කිරීමේ අරමුණින් පාසල් ළමුන් දැනුවත් කිරීම හා පුහුණු කිරීම සිදුකෙරේ.

වැඩමුළුව සඳහා සහභාගී වූ සියලු ම පාසල් සඳහා රිය නියාමක පුහුණු කට්ටල ලබාදෙන ලදී. මෙහි සමාරම්භක අවස්ථාවට මාතර දිස්ත්‍රික් ලේකම් ඩබ්.කේ.කේ. අතුකෝරළ මහත්මිය, දකුණු පළාත් භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න, මාතර කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී දේශ බන්ධු තෙන්නකෝන් යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් මේ සඳහා සහභාගී වූ බව මාතර දිස්ත්‍රික් අප මාධ්‍ය ඒකකය පවසයි.



මෙම වැඩමුළුව මාතර කොට්ඨාස රථවාහන හා මහා මාර්ග සංචාරක ඒකකය මඟින් සංවිධානය කළ අතර, එහි මෙහෙයවීම රථවාහන පොලිස් මූලස්ථානය මඟින් සිදුකෙරිණි.

ECB/wmti(dmu) Matara
© රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සියලු හිමිකම් ඇවිරිණි.
රජයේ නිල පුවත් වෙබ් අඩවියේ පළ කරන පුවත් හෝ විශේෂාංග ලිපි හෝ අන්තර්ගත කරුණු එහි අන්තර්ගතය වෙනස් කිරීමකින් තොර ව භාවිත කිරීමට අවසර ඇත. අපගේ බුද්ධිමය දේපොළ අයිතියට ගරු කරමින් එම පුවත් නැවත පළකරන හෝ විකාශය කරන සියලු මාධ්‍යවල රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් එම පුවත ලබාගත් බව සඳහන් කළ යුතු ය.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි