Tuesday, April 30, 2013

රෝහලක මුල්ම පාසල බොරැල්ලේ


රෝහලක මුල්ම පාසල බොරැල්ලේ
ළමා රෝහල් අධ්‍යක්ෂ අදහසට ඇමැති අත
2013 අපේ‍්‍රල් මස 30 18:45:36 | රොමේෂ් ධනුෂ්ක සිල්වා
කොළඹ බොරැල්ලේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දීර්ඝ කාලීනව නේවාසික ප්‍රතිකාර ලබන දූ දරුවන්ගේ අධ්‍යාපනය දිරි ගැන්වීමේ අරමුණින් ප්‍රාථමික පුහුණු ගුරුවරු කිහිප දෙනකු අද(24) එම රෝහලට අනුයුක්ත කරනු ලැබූහ.
රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතාගේ අදහසක් අනුව සෞඛ්‍ය අමාත්‍යංශයත්, අධ්‍යාපන අමාත්‍යංශයත් එක්ව මෙම ගුරුවරුන්ගේ සේවය ලබාගෙන ඇත.
දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වරකට රෝගී දරුවන් 900-1000 පමණ රෝහලේ ප්‍රතිකාර ලබයි.
ඇතැම් සිසුන් මාස දෙක තුන රෝහලේ ගත කරන නිසා ඔවුන්ගේ පසු බෑමක් ඇති නොවීම සඳහා මේ පියවර ගන්නා බව දොස්තර හේවගේ පැවසීය.
අධ්‍යාපන අමාත්‍ය බන්ධුල ගුණවර්ධන, සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන, ළමා මනෝ රෝග පිළිබඳ විශේෂඥ මහාචාර්ය හේමමාලි පෙරේරා මහත්මිය ද ඇතුළු රෝහලේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරු ද රෝහල් කාර්ය මණ්ඩලයද මේ යෝජනාවට සහාය දැක්වූහ.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි