Thursday, April 25, 2013

අන්තර් පාසල් රගර් තරග කාලසටහනේ වෙනසක්


අන්තර් පාසල් රගර් තරග කාලසටහනේ වෙනසක්

අන්තර් පාසල් අවුරුදු 20න් පහළ රගර් තරගාවලියේ පළමු කොටසේ දෙවැනි හා තුන්වැනි කාණ්ඩයේ තරග කාලසටහනේ වෙනසක් සිදුකර ඇත. ඒ අනුව 26වැනිදා රත්මලාන ගුවන් හමුදා පිටියේදී පැවැත්වීමට නියමිතව තිබූ තුන්වැනි කාණ්ඩයේ පානදුර රාජකීය විදුහල හා සාන්ත බෙනඩික්ට් විදුහල අතර තරගය 25වැනිදා සී‍.ආර් පිටියේදී පැවැත්වේ. සී.ඩබ්.ඩබ්.කන්නන්ගර විදුහල හා ඩී.එස්.සේනානායක විදුහල අතර තරගයත් එදිනම සී.ආර්.පිටියේ පැවැත්වීමට නියමිතය.
24වැනිදා සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබු ලලිත් ඇතුලත්මුදලි - නුගේගොඩ සාන්ත ජෝන් විදුහල් අතර තරගයත්, ආනන්ද – මහනාම විදුහල් අතර තරගයත් 26වැනිදා පැවැත්වීමට කටයුතු යොදා ඇත. එමෙන්ම 26වැනිදා රත්මලාන ගුවන් හමුදා පිටියේ දී පැවැත්වීමට නියමිතව තිබූ වේල්ස් කුමර – සාන්ත සිල්වෙස්තර තරගය 27වැනිදා එම ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙන අතර ලුම්බිණි - නාලන්දා විදුහල් අතර තරගය එදිනම හැව්ලොක්ස් පිටියේදී පැවැත්වේ.
මේ අතර පිළියන්දල මැදි විදුහල - කුරුණෑගල මලියදේව විදුහල් අතර තරගය සහ කේරී - මාතලේ සාන්ත ‍තෝමස් විදුහල් අතර තරගය සඳහා‍ දින නියම කිරීම ඉදිරියේදී සිදුකෙරේ.
.
ෆවුස් මොහොමඩ්

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි