Tuesday, April 30, 2013

උසස් පෙළ කිසිදු විෂයක් ඉවත් කර නැහැ


bandula gunawardena mpඅධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විෂයක් ඉවත් කිරීමේ කිසිදු ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන නොමැති බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ නව විෂය ධාරාවක් සහිත තාක්ෂණ විෂය ධාරාවක් හඳුන්වා දී තිබෙන බවයි.


දැනට උසස් පෙළ විභාගයට අනුමත කර විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන උසස් පෙළ විභාගයේ කිසිදු විෂයක් අඩුකිරීමට හෝ ඉවත් කිරීමට ප්‍රතිපත්ති තීරණයක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ගෙන නොමැති බව අමාත්‍යතුමා අවධාරණය කර සිටී.

විෂය ඉවත් කරනවා වෙනුවට අධ්‍යාපන ප්‍රතිපත්තිය වන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයට ගැළපෙන ආකාරයට නව විෂය හඳුන්වාදීම බව අමාත්‍යතුමා පෙන්වා දෙන අතර ඒ අනුව උසස් පෙළට හඳුන්වා දී තිබෙන නව තාක්ෂණික විෂය ධාරාව යටතේ ඉංජිනේරු තාක්ෂණය හා තාක්ෂණය සඳහා විද්‍යාව යන නව විෂයන් හඳුන්වා දී තිබෙන බවද සඳහන් කළේය.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය, ජාතික අධ්‍යාපන කොමිසම සහ ජාතික අධ්‍යාපන ආයතනය ඒකාබද්ධව නව තාක්ෂණික විෂය ධාරාව හඳුන්වා දී තිබෙන බව අමාත්‍යතුමා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

SMB 
© රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සියලු හිමිකම් ඇවිරිණි.
රජයේ නිල පුවත් වෙබ් අඩවියේ පළ කරන පුවත් හෝ විශේෂාංග ලිපි හෝ අන්තර්ගත කරුණු එහි අන්තර්ගතය වෙනස් කිරීමකින් තොර ව භාවිත කිරීමට අවසර ඇත. අපගේ බුද්ධිමය දේපොළ අයිතියට ගරු කරමින් එම පුවත් නැවත පළකරන හෝ විකාශය කරන සියලු මාධ්‍යවල රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් එම පුවත ලබාගත් බව සඳහන් කළ යුතු ය.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි