Monday, June 8, 2015

‘හූ’ කීම

අතීත සන්නිවේදන

ඈත අතීතයේ ‘හූ’ කීම ආදී ශබ්ද භාවිතා කර සන්නිවේදන කටයුතු සිදුකර ඇත. මෙමඟින් යම් දුරකට දැනුම් දීමක් කිරීමට හැක. හූවක දුර තීරණය වන්නේ එය ඇසෙන දුර ප්‍රමාණය අනුවයි. හූව එන දිශාව, හූ හඬ නඟන වාර ගණන. හ‍ඬේ බර ගතිය ආදී දෙයින් එහි අර්ථය වටහා ගැනීමට අතීතයේ ගැමියෝ සමත් ව‍ූහ. ගමේ නිවසක පොල් අතු සෙවිලි කිරීමක් පිළිබඳ දැනුම් දීම, වනයේ අතරමං වූ අයෙකු සොයා ගැනීම, අනෙක් අයෙකු බය කිරීම, විරෝධය පෑම වැනි දෑ හූවකින් සිදු කරනු ලබයි.
ජන සමාජය ක්‍රමයෙන් දියුණු වූ පසුකාලයේ දී ඈතට යැවිය හැකි සන්නිවේදන මාධ්‍යක් ලෙස අණ බෙරය යොදා ගැනිණි. රාජ නිවේදන ආදී වැදගත් නිවේදන ලබාදීමට දූතයන් විසින් භාවිතා කරනු ලැබීය. දූතයෝ ගමින් ගමට ගොස් අණ බෙරය ගසමින් නිවේදනය ඉදිරිපත් කරති. රාජ නිවේදනවලට අමතරව යුද්ධය, යාඥා කිරීම්, මංගල හා අවමංගල අවස්ථා පිළිබඳව දැනුම් දීමට ද අණ බෙරය යොදා ගැනිණි.
තම්මැට්ටම ගැසීමෙන් ස්වාමීන් වහන්සේට දනට වැඩීමට ආරාධනා කරන බව දැනුම් දෙයි. එකල මළ බෙරය ද ප්‍රධාන සන්නිවේදන මාධ්‍යක් විය. යුද්ධය පිළිබඳ දැනුම් දීමට යොදා ගැනුණේ යුධ බෙරයයි. යුද්ධයේ ජයග්‍රහණය දැනුම් දීම සඳහා හක් පිඹීම සිදු කෙරෙති. එමෙන් ම දූතයන් යැවීම ද සන්නිවේදන ක්‍රමයකි. මිහිඳු හිමියෝ ඇතුළු පිරිස ධර්ම දූත සේවයේ යෙදුණෝ වෙති. ඊතලයක බඳින ලද හසුන්පත් යැවීමෙන් ද එදා ලංකාවේ භාවිතා වූ සන්නිවේදන ක්‍රමයකි. අපේ රටේ ආදි වාසියෝ ද විවිධ සංකේත රූප භාවිතා කළහ. අපේ ඉපැරැණි සංදේශ කාව්‍ය මඟින් කියවනුයේ ද දෙවියන් වෙත පණිවිඩ යැවීම සඳහා ‍පක්ෂීන් යොදා ගත් ආකාරයයි. සීනුව ද සන්නිවේදනයට යොදා ගැනිණි.
ශබ්දය මඟින් දුරකට සන්නිවේදනය කිරීම සඳහා ඝණ්ටාරය යොදා ගැනේ. පන්සලේ ප්‍රධාන සන්නිවේදන මාධ්‍ය වූයේ ද ඝණ්ටාරයයි. වේලාව හැඟවීමටත් පන්සලේ දාන වේලාව සිහිපත් කිරීමටත් ඝණ්ටාරය යොදා ගන්නා ලදී.
ගිනි දැල්වීමෙන් ද අමු කොළ යොදා දුම් ගැසීමෙන් ද විවිධ සංඥා මඟින්, සත්ත්ව අං පිඹීමෙන්, සිරුවන් බෑමෙන් ද ඈත අතීතයේ සන්නිවේදන කටයුතු සිදු කෙරිනි.

හිරුදිනී කුමාරි විජේතිලක,
10 ශ්‍රේණිය ‘කිව්’,
ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය,
තෝලංගමුව.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි