Sunday, August 24, 2014

ඔබේ අදහස් නිර්මාණශීලීව ගොනු කරගන්නට- FreeMind

බුද්ධිමය සිතියම් ගත කිරීමක් (Mind mapping)යනුවෙන් හැඳින්වෙන්නේ තොරතු‍රු හෝ දත්ත, දෘෂ්‍ය සටහනක් ලෙසින් ප්‍රස්තාරයක/දළ සටහනක ක‍ටු සටහන් කිරීමයි.සාමාන්‍යයෙන් මෙම 'බුද්ධිමය සිතියමක්' යන ක්‍රියාවලියේදී සිදුවන්නේ යම් මූලික අදහසක් හෝ සංකල්පයක් හිස් කොළයක නැතිනම් ඩිජිටල් අවකාශයක මධ්‍යයේ සටහන් කර, එතැන් සිට අතු බෙදෙමින් යන පරිදි විවිධ තොරතු‍රු, රූප වැනි ඕනෑම දෙයක් උපයෝගී කර ගනිමින් සිතියම්ගත කිරීමයි. මෙහි ඇති වාසිය වන්නේ ඔබගේ සිතේ යම් අදහසක් සම්බන්ධයෙන් අක්‍රමවත්ව පෙළගැසී ඇති තොරතු‍රු ක්‍රමවත් තලයකට ගෙන ආ පසුව වඩාත් නිරවුල්ව සහ නිර්මාණශීලීව එය හැඩගැස්වීමේ හැකියාවක් ලැබීමයි.
මෙය අතිශයින්ම සංකීර්ණ තාක්ෂණික ක්‍රියාවලීන් සඳහා මෙන්ම ඔබ ලියන්නට බලාපොරොත්තු වන නවකතාවක චරිත සහ සැකිල්ල හැඩගැස්වීම සඳහාද භාවිත කළ හැකිවේ.
සාමාන්‍යයෙන් හිස් කොළයක් ගෙන ඔබට බුද්ධිමය සිතියමක් ඇඳිය හැකි වුවත්, වර්තමාන ඩිජිටල් යුගයේ මේ සඳහා විවිධ මෙවලම් දක්නට ලැබේ. FreeMind යනු ඒ සඳහා ලබාගැනීමට හැකි විශිෂ්ටතම මෘදුකාංගයකි. එසේම FreeMind යනු නිදහස් මෘදුකාංගයක් බවද මෙහිදී සඳහන් කළ යුතුවේ.
Java Runtime Environment හරහා Microsoft Windows, Linux සහ Mac OS Xයන මෙහෙයුම් පද්ධතීන් සමගින් ක්‍රියාත්මක වන FreeMind මෘදුකාංගයවෙනත් ඕනෑම බුද්ධිමය සිතියම් මෘදුකාංගයක මෙන් ධූරාවලීන් අනුපිළිවෙලකට දත්ත කුලකයන් සකස් කරන්නට ඔබට ඉඩ ලබාදේ.එසේම ඔබට නිර්මාණශීලී ලෙසින් ඔබේ බුද්ධිමය සිතියමට දත්ත ඇතුළත් කිරීමට පහසුකම සලසා දෙන දියුණු මෙවලම් විශාල ප්‍රමාණයක් ඒ තුළ තිබේ. ඔබගේ අවසාන ප්‍රතිඵලය HTML, XHTML PDF, OpenDocument PNG, SVG ලෙසින් නැතිනම් JPEG ලෙසින් වුවත් නිර්යාත කිරීමටද මේ තුළ පහසුකම් සැපයේ. 
: http://ada.lk/


0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි