Tuesday, June 18, 2013

ඉර පායයි උදේ හයයි - හඳ බැස යයි ඒත් හයයි

ටිබෙට් ජාතික එස්.මහින්ද හිමියන් ලියූ ළමා ගී සහ කවි

උදය සහ සවස
ඉර පායයි උදේ හයයි
හඳ බැස යයි ඒත් හයයි
මේ පැත්තට නැඟෙන හිරයි
ඒ පැත්තෙන් ඉර පායයි
මේ පැත්තට බස්නාහිර
ඒ පැත්තට ඉර බැස යයි
හඳ පායයි හවස හයයි
ඉර බැස යයි ඒත් හයයි
උදේ හයට හවස හයට
ඔරලෝසුවෙ හය වදීවි
උදේ හයට නැඟිටී ලා
පොත පාඩම් කරමී මම්


පරෙවියා - මගේ යාළු

පියාඹඹා ගෙයි වහලේ
ඉන්නේ ඇයි පරවියෝ
මමයි උඹේ යාළුවා
මට වරෙන් පරෙවියෝ
අන්න අතන කාක්කෙක්
වරෙන් වරෙන් පරවියෝ

බය උණා ද ඌ මෙහාට
එන්නේ නැහැ පරෙවියෝ
උඹත් එක්ක පියාඹන්න
මටත් හිතයි පරෙවියෝ
කොච්චරවත් ගුරු ගුරු ගුරු
යන්න එපා පරෙවියෝ


මගෙ පූසා
අන්න අත කිරි බෙලෙක්කෙ
බීපන් මගෙ පූසෝ
මගේ ඇඟේ ඇඟ උලන්නෙ
මොකට ද උඹ පූසෝ

පොත පාඩම් කරන්න මට
ඉඩ ඇරපන් පූසෝ
ගෙයි මුල්ලේ මොකෙක් ද අර
බලාපන්කො පූසෝ

මෙන්න මෙහෙන් ඌ දිව්වා
ඔහොම හිටින් පූසෝ
ඌ අල්ලා නො ගෙනාවොත්
මට කිරි නෑ පූසෝ


පලතුරු ගොඩ

මේ බලන්න ජම්බු පේර
පැහිල ඉදිල බිමට වැටිල
රතු පාටයි ජම්බු ගෙඩිය
කහ පාටයි පේර ගෙඩිය
ඹට එකයි මට එකයි
නංගිටත් එකයි
හොඳ හොඳ ගෙඩි කඩා ගනිමු
වැඩිය එපා දැන් ඔය ඇති

Source 
http://www.lakehouse.lk

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි