Sunday, January 26, 2014

මහජන බැංකුවෙන් ඉසුරු උදාන අධ්‍යාපනික මෘදුකාංග කට්ටලයක්

PeopleBank2014


මහජන බැංකුව ඉසුරු උදාන ගිණුම තුළින් දූදරුවන් වෙත පළමුවරට ඉසුරු උදාන පාඩම් සෙල්ලම් නමින් අධ්‍යාපනික මෘදුකාංග කට්ටලයක් පිරිනමයි.
මෙය  ලාංකේය අධ්‍යාපන ක්ෂේත්‍රයට දායාද වන ප්‍රායෝගික අධ්‍යාපන ක්‍රියාකාරකම් රැසකින් සමන්විත මෘදුකාංග කට්ටලයක් වේ.

මෙම මෘදුකාංග කට්ටලය, අකුරු දූපත, ප්‍රාථමික අධ්‍යාපනික ක්‍රියාකාරකම්, අධ්‍යාපනික රූප, ප්‍රහේළිකා යන විශේෂාංග වලින් සමන්විත වේ. අකුරු දූපත මඟින් සිංහල, දෙමළ, ඉංග්‍රීසි හෝඩිය මෙන්ම එක් එක් අකුරින් ආරම්භ වන වචන ඉගෙනීමට ද ප්‍රාථමික අධ්‍යාපනික ක්‍රියාකාරකම් මඟින් ප්‍රාථමික අංශයට නිර්දේශිත ක්‍රියාකාරකම් රැසක් අත්හදා බලමින් ඉගෙනීමට ද අධ්‍යාපනික රූප ප්‍රහේළිකා  මඟින් ලොව විශ්මිත නිර්මාණ , සිරිලක ලෝක උරුමයන්, ඵෙතිහාසික ස්ථාන, විශිෂ්ට පුද්ගලයින් හා සොබාදහමේ විශ්මිත දෑ පිළිබඳ රූප ප්‍රහේළිකා ආශ්‍රයෙන් දැනගැනීමට ද අවස්ථාව හිමිවේ.

මෙම මෘදුකාංගය ඉ-ස්වාභිමානී සම්මාන උළෙලේදී දිවයිනේ හොදම පරිගණක අධ්‍යාපනික මෘදුකාංගයක් ලෙසින් සම්මානයට පාත්‍රවී තිබීම ද විශේෂත්වයකි.

මහජන බැංකුවේ පවත්නා ඉසුරු උදාන ගිණුමක හෝ අලුතින් අරඹන ඉසුරු උදාන ගිණුමක රුපියල් 2500ක් හෝ ඊට වැඩියෙන් තැන්පත් කිරීමෙන් සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා තුනම අඩංගු මෙම අධ්‍යාපනික මෘදුකාංග කට්ටලය ලබාගත හැකි බව මහජන බැංකුව පවසයි.


මේ මෘදුකාංග කට්ටලය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ දේශනයක් පසුගියදා මහජන බැංකුවේ මාණ්ඩලික අභ්‍යාස විද්‍යාලයේදී පැවැත්විය. මෙහිදී  කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අධ්‍යාපනය හා ළමා නාට්‍ය භාවිතය පිළිබඳ උපදේශක ආචාර්ය චන්දන අලුත්ගේ මහතා ප්‍රධාන දේශනය පැවැත්වීය.  සිඟිති දරුවන් සඳහා අධ්‍යාපනය ලබාදීමට ඔවුන්ගේ සිතුම් පැතුම් හා චර්යාවන් පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත්වන බව ඔහු පැවසීය.

මෙම අවස්ථාවට මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී එන්.වසන්ත කුමාර්, අලෙවිකරණ ප්‍රධානී හා මහජන කටයුතු දීපාල් අබේසේකර යන මහත්වරු ද සහභාගී වූහ.

ECB

© රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සියලු හිමිකම් ඇවිරිණි.
රජයේ නිල පුවත් වෙබ් අඩවියේ පළ කරන පුවත් හෝ විශේෂාංග ලිපි හෝ අන්තර්ගත කරුණු එහි අන්තර්ගතය වෙනස් කිරීමකින් තොර ව භාවිත කිරීමට අවසර ඇත. අපගේ බුද්ධිමය දේපොළ අයිතියට ගරු කරමින් එම පුවත් නැවත පළකරන හෝ විකාශය කරන සියලු මාධ්‍යවල රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් එම පුවත ලබාගත් බව සඳහන් කළ යුතු ය.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි