Sunday, January 26, 2014

සෙනිතට වුණු විපත තව පුතෙකුට නොවේවා!

සෙනිතට වුණු විපත
තව පුතෙකුට නොවේවා!

මගේ මතකය අතරින් ඒ අසුභ දිනම මම කෙසේ අමතක කර හරින්නේ දැයි මට නොවැටහේ.

දිනය 2014 ජනවාරි මස 21 වන අ`ගහරුවාදාය.

සාමාන්‍ය සතියේ දිනයක දින චර්යාවේ මගේ මුල්ම රාජකාරිය වන්නේ මා පුතු පවර අන්දවාගෙන රැගෙන ගොස්‌ පාසලට හැරලවා රාජකාරී ස්‌ථානය වෙත වාර්තා කිරීමය. මහරගම සිට බොරැල්ල, මරදාන පසු කොට බ්ලුමෙන්ඩල් පාරේ දිවයින කාර්යාලයට දිනපතා යනෙන මට පුතාව ආනන්දයට හැරලවා වැඩට යැම වඩාත් පහසුය.

"තාත්තී.... අද අපේ හතරේ පන්තියේ ඔක්‌කෝම ළමයින්ට ඩි්‍රල් එකක්‌ පුරුදු කරනවා, ඒකට හරියන ඇ`දුමක්‌ අරගෙන එන්න කිව්වා, මම ඒක ගෙදර ඉදලම ඇ`දගෙන යන්නම්. එතකොට මට කෙලින්ම පිට්‌ටනියට ගිහින් යාළුවෝ එක්‌ක සෙල්ලම් කරන්නත් පුළුවන්නේ."

මම ඊට විරද්ධ නොවීමි. අපේ පුතාගේ වයසේ හතරේ පන්තියේ දරුවෝ රෑන් ගැසී පිට්‌ටනියේ සෙල්ලම් කිරීමට දක්‌වන්නේ පුදුමාකාර ආසාවකි. උනන්දුවකි.

මම පුතුව ආනන්දයේ පිටුපස ගේට්‌ටුවෙන් ඇතුළු කරන විටත් වේලාව 7.30 පසුවී තිබුණි. ඇතුලේ යම් කලබලයක්‌ තිබෙන බව නිකමටවත් ගේට්‌ටුව ළ`ග පරිසරයෙන් මට නොහැ`ගිනි. ගේට්‌ටුවෙන් ඇතුළු වූ විට දිගටම තිබුණේ ආනන්දයේ ප්‍රාථමික අංශයට යන පාරය. ඒ පාර වම් පැත්තේ විදුහලේ පිහිණුම් තටාකාංගනයයි. දකුණු පැත්තේ පිට්‌ටනියයි.

මා පුතු පාර දිගේ ගොස්‌ පිට්‌ටනිය දෙසට යනු දුටු මම ඉන් සැනසී කාර්යාලයට ගොස්‌ කාර්යාලයේ කටයුතුවලට සිත යොමු කරමින් සිටියෙමි. ඉන් මද වේලාවකට පසු ලැබුණු ආරංචියෙන් මාගේ ඉහමොළ රත්වී ගියේ ය.

"දන්නවද වැඩක්‌..... අන්න ආනන්දේ හතරේ පන්තියේ දරුවෙක්‌ පිට්‌ටනියේ සෙල්ලම් කර කර ඉද්දි ගල්රෝලකට අහුවෙලා මැරිලලු."

මම විපිලිසරව ගියෙමි. වහ වහා පන්තියේ දරුවන්ගේ දෙමාපියන්ට මා දන්නා දුරකතන අංකවලට කතා කරන්නට උත්සාහ කළෙමි. ගල්රෝලකට අහුවෙලා නම් මොනව වෙලා ඇද්ද දරුවාට? ගල්රෝලක්‌ පිට්‌ටනියට කොහෙන්ද? ඒක මේ වේලාවේ මොනවට පිට්‌ටනියට ගෙනාවාද? ඒ දරුවා කව්ද? ආදී දහසකුත් ප්‍රශ්න එකක්‌ පිට එකක්‌ මා හිත තුළට පැමිණියේ ය. ඒවායින් පීඩිතව විස්‌තර සොයද්දී ටික වේලාවකින් වී ඇති සංගදිය දැන ගැනීමට මට හැකි විය.

එය යාන්ත්‍රික ගල් රෝලක්‌ නොව අතින් ඇදාගෙන යන පිට්‌ටනියේ තණතිල්ල තැලීම ස`දහා භාවිතා කරන, චිරාත් කාලයක්‌ තිස්‌සේ එහි තිබෙන රෝලක්‌ බව මම දැනගතිමි. ඊට හසුවී මිය ගිය දරුවා සෙනිත විඡේසිංහ නම් වන බව මම දැන ගනිද්දී හිතට ඉස්‌පාසුවක්‌ නොදැනුනේ මාගේ පුතාගේ මුවින් නිතර කියවෙන නම් වැල අතර ඔහුගේ නම ද, නිතර කියවුණු බැවිනි. සස්‌විරු, සදිල, යුමෙත්, ඉසුල, සනිතු, නුදම්, දිසර, විරුල්, නෙතිල, තේසල, බානුල, විදුත් ආදී නම් අතර සෙනිතගේ නමත් නොවරදින එක්‌ නමක්‌ වූ බව මට මතකය.

සෙනිත විඡේසිංහ ආනන්ද විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයකුවූ ප්‍රභාත් විඡේසිංහගේ සහ නිල්මිණී බස්‌නායකගේ එකම පුතාය. සෙනිතට තමන්ට වඩා වයසින් එක්‌ වසරක්‌ වැඩිමල් අක්‌කියෙක්‌ හා බාල නංගියෙක්‌ සිටියේ ය. පවුලේ එකම පිරිමි දරුවා වූ බැවිනුත් පුංචිකමට ඔහු පෙන්නුම් කළ සරල අවිහිංසක සුරතල් ඇවතුම් පැවතුම් රටාව නිසාත් සෙනිත ප්‍රභාත්ගේ පවුලේත් නිල්මිණීගේ පවුලේත් නොමඳ ආදර ගෞරවයටත් සුරතලයටත් ලක්‌ව ලොකු මහත්වූවා යෑයි කිවහොත් නිවැරදිය.

සෙනිත එදා උදේ පාන්දරම පාසලට ආවේ කිරි කොකෙකු මෙන් සැරසී ගෙනය. සුදු කලිසම සුදු කමිසය ඇ`ද සුදු මේස්‌ දමා කළුසපත්තු පැළ`ද සිටින ආනන්ද ළමයින් කොහොමටත් ලස්‌සනයි. අම්මලා, තාත්තලා උදේ පාන්දර මේ කිරි කොකුන් රෑන් රෑන් ගේට්‌ටුව ළ`ගට ගෙනවිත් හිස සිප ඔළුව අතගා බලා පොරොත්තු කප්පරකින් දෙනෙත් පුරෝගෙන ගේට්‌ටුවෙන් ඇතුළු කරන අන්දම බලා සිටින්නට ද, සුන්දර දසුනකි. සෙනිත එදා උදේ ද, ඒ පුංචි ගේaට්‌ටුවෙන් පාසලට ගියේ ඒ ලෙසය.

ගේට්‌ටුවෙන් ඇතුලේ ලෝකය පුංචි දරුවන්ට කොහොමටත් සුන්දරය. ඊටත් වඩා උදේ 6.30 ට පමණ පාසලට ගිය විට ....... එහි යන්න එපා, මෙහෙ එන්න එපා , ඒක කරන්න එපා, ඔතන ඉන්න එපා දුවන්න එපා, ආදී ලෙස කියමින් නීති රීති වැටකඩුළු සීමා මායිම් දමන්නට කෙනෙක්‌ ද නැත. ඔවුන්ගේ ලෝක වල ඔවුන්ට රිසි පරිදි රජ කරමින් සෙල්ලම් කරන්නට ඒ වෙලාවේ පුංචි ළමයින්ට ලැබෙන්නේ ස්‌වාභාවික වූ ආශිර්වාදයකි. නොමද නිදහසකි.

සෙනිතගේ ආශිර්වාදය හරහා නිදහස රිසි ලෙස වි`දිමින් තම යහළුවන් ගොන්නට එක්‌ වීය. අති විශාල පිට්‌ටනියේ කොනක නතර කර තිබෙන ගල්රෝල පුංචි දරුවන්ගේ සෙල්ලම් භාණ්‌ඩයන් වූයේ කාලයක සිටය. එදා උදේ ද 4 ශ්‍රේණියේ සියලුම පන්තිවල ළමුන් විද්‍යාලයීය සරඹ සංදර්ශනයක්‌ ස`දහා පුහුණු කිරීම්වලට කැ`දවා තිබුණි. ඒ අනව 4 ශ්‍රේණියේ 1, 2, 3, 4, 5, 6 වශයෙන් වූ පන්ති වල ළමුන් අතරින් පාන්දරින්ම පැමිණි ළමුන් පිරිස කළේ පිට්‌ටනියට වී පාසල පටන් ගන්නා තුරු විවිධ අන්දමේ සෙල්ලම්වල නිරත වී සිටීමය. ගල් රෝල එහෙ මෙහේ කරමින් සෙල්ලම් කළේ 4 ශ්‍රේණියේ ත්, 5 පන්තියේ ත්, 6 පන්තියේත් ළමුන් දෙපිරිසකි.

ගල් රෝල එහෙ මෙහේ තල්ලු කරමින් ඊට අසුවන සේ කුඩා පස්‌ කැට ගල් කැට මෙන්ම "බයිට්‌ පැකට්‌" තබමින් ඒවා පොඩිවෙන අයුරු බලමින් සිනා සීම ඔවුනට මහත් විනෝදයක්‌ ගෙන දුන්හ. සුපුරුදු ක්‍රීඩාවේ සැ`ගව ඇති අන්තරායකාරී බවෙහි අවදානම මේ සි`ගිත්තන් කිසිවෙකුට යාන්තමින් වත් දැනුනේ නැත. එක්‌ පසෙක 4 ශ්‍රේණියේ 5 පන්තියේ ළමයින් තිදෙනෙකු රෝල තල්ලු කළහ. අනෙක්‌ පස හැඩලය අල්ලා ගෙන අහිංසක සෙනිත රෝල ඇද්දේය. පිට්‌ටනිය අයිනේ භූමියේ ඇති ඇහැට පියවි ලෙස නොපෙනෙන බෑවුමේ වාසිය අර ළමයින් තිදෙනාවුන් පැත්තට ලැබිණි. හෙමීට හෙමීට ඉදිරියට එන ටොන් තුනහමාරක්‌ බරැති ගල් රෝල තමන්ගේ පාලනයකින් තොරව ඉදිරියට එන අයුරු සෙනිතට දැනුනත් හැඬලයෙන් අල්ලා එය නතර කිරීමට තරම් සෙනිතගේ සුදු මුදු සිනිඳු අත පයවලට ශක්‌තියක්‌ නොවීය. ඔහු හැඬලය සම`ග පස්‌සෙන් පස්‌සට ගියේ ය. පිටුපස තිබූ බිත්තිය ඔහුගේ ගමනට බාධා කළේය. සෙනිත බිත්තියටත් ගල්රෝලයේ හැඬලයටත් සිරවිය. චිරි චිරිගා සද්දයක්‌ ඇසුනි. සෙනිතගේ පපුවේ ඉළ ඇට බිදී ඉන් එකක්‌ අක්‌මාව පසාරු කර ගෙන යන්නට තරම් කුරිරු වී ඇති බව සිද්ධිය ඇසින් දුටු වෙනත් දරුවන්ට හැ`ගුණේ ද නැත.

අප්‍රාණිකව ඇද වැටුණු සෙනිතගේ සිරුර ඔසවාගෙන වගකිව යුතු අයෙකුට පෙන්වීමට තරම් කරුණු කාරණා දත් වැඩිහිටියෙක්‌ ද එහි නොවීය. හතේ පන්තියේ අයියලා වී ඇති අකර තැබ්බයේ බරපතලකම නොදැන වුවත් සෙනිතගේ සිරුර ඔසවාගෙන ගොස්‌ ප්‍රථමාධාර දී වගකිවයුත්තන් ට භාර කළහ.

නොපමාව සෙනිතගේ පුංචි සිරුර රෝහල වෙත ගෙන යෑවිණි. එහෙත් ඒ ප්‍රමාදය ද "මරුට" මේ පුංචි ළදරුවා සිය වස`ගයට ගන්නට ප්‍රමාණවත් වීය. මරු සෙනිතගේ සිරුර පමණක්‌ මේ මිහිපිට ඉතුරු කර ප්‍රාණය සිය අණසකට ගෙන අනන්ත වූ ආකාශයේ ඈතට ඈතට නොපෙනී ගියේ අප සැමගේම නෙත් කෙවෙනි අග ක`දුළු බින්දු මෝදු කරවමිනි. පපු කුහර සුසුමින් පුරවා තබමිනි.

පිට්‌ටනියේ සිදුවූ ඒ අවාසනාවන්ත සිදුවීම හතරේ හය පන්තිය භාර ගුරුතුමිය වන මල්ලිකා හෙට්‌ටිආරච්චි මාතාව දැන ගත්තේ දරුවන්ගෙනි. ඕ වහාම එම ආරංචිය ලත් සැනින් ක්‍රියාත්මක වූවාය. ඇය හතරේ හය පන්තිය බලා ගත්තේ මොහොතකවත් අස්‌වැසිල්ලක්‌ නොලබමිනි. ඇය දිවා ආහාරය පවා ගත්තේ ළමුන්ගේ වගකීම් සියල්ල ඉටුකොට තබා ඔවුන් ගෙදර යවා ලැබුණොත් ඒ විවේකයේ දී පමණි. එසේ නොමැතිහොත් ඇය දරුවන් වෙනුවෙන් වෙහෙසෙමින් නිරාහාරව සිටි අවස්‌ථා ද අපමණ බව මා කියන්නේ ඇගේ කැපවීම කොපමණදැයි හො`දින් දන්නා දෙමාපියෙකු හැටියටය.

සෙනිතගේ ආරංචියෙන් මවිතයට පත් ඕ ඒ මේ අත දුව යමින් තොරතුරු සොයා බැලුවාය. වහාම වී ඇති අනදරය සෙනිතගේ දෙමාපියන්ට සැල කරන්නට ඈ උත්සාහ කළේ කල්පනාකාරීවය.

ඈ එවෙලේ ඒ ස`දහා ඇයට සිටින විශ්වාසවන්තම මවකට කථා කළාය. මව එම පන්තියේ තවත් දරුවකුගේ මවක වන අනුරාධා වීරසූරිය යි. ගුරුතුමිය ඇයට කිවේ සෙනිතගේ පියා වන ප්‍රභාත් විඡේසිංහට කතා කොට වැඩි කලබලයක්‌ ඇති නොවන සේ පරිස්‌සමින් මේ ආරංචිය පවසන ලෙසය. අනුරාධාට ඒ පිළිබ`ද වැඩි අත්දැකීම් නොතිබුණෙන් ඇය එම කාර්ය ස`දහා සිය සැමියාගේ සහය ලබා ගත්තාය. ඔහු ආනන්ද විෙ-රත්නය. ආනන්ද ප්‍රභාත්ට කතා කළේ මහත් පරිස්‌සමිනි.

"සෙනිතට ෆිට්‌ එක හැදිලා ලේඩි රිඡ්වේ එකට අරන් ගියා. ඉක්‌මනට එහෙ යන්න."

" එයාට එහෙම ලෙඩක්‌ නෑනේ..." කියමින් මවිතයට පත් ප්‍රභාත් සිය බිරි`ද නිල්මිණීට ද ආරංචිය සැල කර වහාම රි-වේ රෝහලට යන විටත් මාරයාට රිසි පරිදි සෙනිතගේ ඉරණම විසඳී හමාර වී තිබිණි. සියල්ල සිදු වන්නට වැය වී ඇත්තේ කොතරම් සුළු කාල පරිච්ඡේදයක්‌ ද?. කොතරම් සුළු නිමේෂයක්‌ද? ඒ නිමේෂය මේ මිහිපිට සිටින, දරුවන් සිටින අම්මලාට තාත්තලාට උරුම කර දුන් වේදනාව මෙසේ වචනයෙන් ලියා නිම කළ හැකි වේද.

සෙනිත නම් මේ පුංචි කෙට්‌ටු කෙස`ග අහිංසක දරුවාගේ සිද්ධිය මහා දැවැන්ත ආනන්ද විද්‍යාලය පමණක්‌ නොව, මේ රටේ මුළුමහත් පාසල් පද්ධතියම මොහොතකට සසල කර තැබුවේය. මෙවන් කීර්තිමත් මහ විශාල තැන්වලත් එවන් සුළු විපත්, කිසිවෙකු නොසිතනා අයුරින් විය හැකිය යන ආදර්ශය ඒ මුළු මහත් පාසල් පද්ධතියම අරගත්තේ මේ පුංචි සිදුවීම නිසාය. ගල් රෝලකට හසු කර බයිට්‌ පැකට්‌ පොඩි කිරීමේ සෙල්ලම ගිය දුර කොතෙක්‌ද?

එය කොතෙක්‌ දුර ගොස්‌ ඇද්දැයි මට පසක්‌ වූයේ 21 වන දා හා 22 වන දා මේ රටේ ජනමාධ්‍ය වලින් එම සිද්ධියට ලද ප්‍රසිද්ධිය විමසා බලන විටය. ඒත් සම`ගම 21 හා 22, 23 දිනවල මාලඹේ අතුරුගිරිය පාරේ පොතුඅරාව පාරේ වූ ප්‍රභාත්ගේ මහගෙදරට සෙනිත පුංචි දරුවාගේ මුව සි`ගිත්ත දැක සොව පළ කිරීමට පැමිණි මහා ජන ගංගාව දකින විට.

ආනන්ද විද්‍යාලයේ විදුහල්පති ඇතුළු ගුරුවරුන්, ආනන්ද ශිෂ්‍යයන් ආදී ආනන්දයින්, දරුවන්ගේ දෙමාපියන් හා ප්‍රදේශවාසීන් දස දහස්‌ සංඛ්‍යාත ජනකායක්‌ ඒ නිවසට ඒ දින දෙක තුන තුළ ඇදී ආහ. ඒ සෑම අයෙකුගේම නෙත`ගට ක`දුළු බි`දුවක දීප්තිය ගෙන දෙන්නට තරම් සෙනිතගේ මුව කමළ අලංකාරව පිපී තිබුණු බව මට මතකය.

ඒ සියල්ලටම වඩා මාගේ සිත සංවේදී කළ තවත් කරුණු තිබුණි. මට අදාළ මේ ප්‍රස්‌තුතය ඔබටද පොදු වනු ඇති නිසා මා මෙසේ එය ලියා තබන්නට කල්පනා කළෙමි.

මා පුත් කවර කිසි දිනෙක පුංචි දරුවන් මිය යන බව සෙනිතගේ සිද්ධිය වන තුරුම දැන නොසිටි බව මට දැන් පැහැදිලිය. ඒ ඔහු ඇසූ එක්‌ ප්‍රශ්නයක්‌ නිසා

" තාත්තී..... පුංචි ළමයිනුත් ලොකු සීයලා, ආච්චිලා, නැන්දලා මාමලා වගේ මැරෙනවද......?"

ඒ ප්‍රශ්නය තුළ මට ලොකු ජීවන අරුතක්‌ පසක්‌වී ගියේ ය. මා සෙනිතගේ මරණය වන තෙක්‌ම පවරව පුංචි දරුවකුගේ මළ ගෙදරකට රැගෙන ගොස්‌ තිබුණේ ද නැත. ඉතින් ඔහු පුංචි දරුවන් මැරෙනවාය කියා මීට පෙර දැන නොසිටින්නට ද ඇත.

මල් ගසක පොහොට්‌ටුවක්‌ සෑදී එය ටික ටික ලොකු වී පිපී විකසිතව දසත සුව`ද විහිදවා මැලවී පරවී පෙති හැලෙන්නේ යම් සේද...... ගසක පුංචි මලක්‌ පිපී මෝරා පුංචි ගෙඩියක්‌ වී ටික ටික ලොකු වී පැසී ඉදී පරවී බිම වැටෙන්නේ යම් සේ ද, පුංචි පවර මිනිසුන්ගේ මරණය ගැන සිතා සිටින්නට ඇත්තේ ද එලෙසය. යමක්‌ නිමවී පරිසමාප්තියට පත් වූ කල පමණක්‌ අවසානය අත්වේ යෑයි සිතන්නේ දරුවන් පමණක්‌ නොව, විටෙක අපද සිතන්නේ නොමැරෙනා මිනිසුන් ලෙස බව මට පසක්‌ විය.

එහෙත් පුංචි දරුවෝද අකාලයේ මිය යන බව සෙනිතගේ මරණය නිසා පවර දැන ගත්තේ ය.

බුලිත ප්‍රදීප් කුමාර
 


http://www.divaina.com/2014/01/26/feature01.html

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි