Saturday, January 24, 2015

කිඹුල්වානා වැව



කිඹුල්වානා වැව ඉතා විශාල වැවකි. එය සෑදුවේ මහසෙන් රජතුමායි. වැව් බැම්ම දිගේ ඇවිද ගිය අපට බෝට්ටුවල නැඟී මාළු අල්ලන ධීවරයන් පිරිසක් දක්නට ලැබිණි. වැව් බැම්ම දිගේ විශාල කෝන් ගස් සහ සියඹලා ගස් දක්නට ලැබිණි. වැව කෙළවරේ විකසිත වී තිබුණු නෙළුම් මල් අප දැක සිනාසෙන්නාක් මෙන් පෙනිණි.
වැව් වානෙන් පිටවන ජල කඳ ඉහළට විදින අයුරු චමත්කාර දර්ශනයකි. වැව මැද පිහිටන වෘක්ෂය අප දෙස බලන්නේ යෝධයකු සේය. වැව මැද සිට අයිනට පීනන මාළුවෝ ඉතා අලංකාරවත්ව දිස්වෙයි.
අප මී ගවයන් අතරින් ගමන් කළේ තැති ගැන්මකිනි. කුඹුරු දහස් ගණනක් අස් වැද්දවීමට සමත් මේ වැව අපේ අනාගත පරපුර වෙනුවෙන් රැක ගනිමු.



ආර්.ඒ. හසිත සංදීප රණසිංහ
5 ශ්‍රේණිය,
දිද්දෙණිය මහ විද්‍යාලය,
දිද්දෙණිය.


0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි