Wednesday, January 21, 2015

දුම්රිය අනතුරු වළකමු නිරතුරු


ශ්‍රී ලංකාවේ සිදුවන මහාමාර්ග හා අධිවේගී මාර්ග සංවර්ධනයත් සමඟ පොදු මගී ප්‍රවාහනය උදෙසා දායක වන තවත් ප්‍රධාන ගමනාගමන මාර්ගයක් ලෙස දුම්රිය ප්‍රවාහන පද්ධතිය සැලකිය හැකිය. අතීතයේ ගමනාගමන මාධ්‍යයන් තුළ සිදුවන අනතුරු අතරින් දුම්රිය අනතුරක් පිළිබඳ සැලවූයේ ඉතා කලාතුරකිනි. එහෙත් හුදෙක් ශීඝ්‍ර සංවර්ධිත ගමනාගමන පද්ධතියකට හිමිකම් කීව ද දුම්රිය අනතුරු වත්මන වන විට ඉතා ශීඝ්‍රයෙන් සිදු වේ. මහාමාර්ග අනතුරකට වඩා අති භයානක ප්‍රතිවිපාක දුම්රිය අනතුරු මඟින් ඇති වන බව කාටත් නොරහසකි. ඉන් ඇති කරන ජීවිත හානි හා දේපළ හානි සුවිශාලය. දුම්රිය අනතුරු සිදුවීම කෙරෙහි බලපෑම් ඇති කරන දුම්රිය සේවයේ ඇති සංඥා හා මෙහෙයුම්වල අඩුපාඩු හැඳින්විය හැකි ය.
දුම්රිය පීලි පැනීම, දුම්රිය හරස් මාර්ගයක් හරහා අනාරක්ෂිත ලෙස යන වාහන දුම්රියේ ගැටීම, දුම්රිය දෙකක් ගැටීම ආදී අනතුරු මේ ආශ්‍රිතව සිදුවේ. දුම්රිය හරස් මාර්ගයකදී සිදුවන අනතුරෙහි වරදකරු වන්නේ වාහනය පදවන්නාය. එහෙත් දුම්රිය පීලි පැනීම හා දුම්රිය දෙකක් ගැටීම සිදුවන අනතුරු පිළිබඳ මෙහෙයුම් පද්ධතිය පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක් ඇතිවේ.
දුම්රිය රියදුරන් සංඥා නොතකා ධාවනයේ යෙදීමෙන් ද අනතුරට පත්වේ. ඇතැම් විට අදාළ සංඥා පද්ධති ඉතා පැරැණි හා අබලන් වීම හේතුවෙන් රියදුරෝ නොමඟ යති. විදේශ රටවල්වලින් දියුණු දුම්රිය තිරිංග පද්ධති හා කොටස් ආනයනය කළ ද යම් යම් අවස්ථාවලදී එම තිරිංග පද්ධති දෝෂ සහිත වන බව අනතුරු මඟින් පැහැදිලි වේ.
එම්.ජී. ඩිල්කි නවෝදා
12 ශ්‍රේණිය ඊ,


අනුලා විද්‍යාලය, නුගේගොඩ.


http://silumina.lk/2015/01/18/_art.asp?fn=au150118

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි