Saturday, December 7, 2013

ශිෂ්‍යත්ව තරග විභාගය ලබන වසරේ දී පමණයි

පහේ ශිෂ්‍යත්ව තරග විභාගය ලබන වසරේ දී පමණයි

*  2015 සිට දිළිඳු දරුවන්ට ශිෂ්‍යාධාර ලබා දෙන විභාගයක‍් වේ
* ශිෂ්‍යත්ව විභාග බර දරුවන් මත පැටවීම රජයේ ප්‍රතිපත්තිය නොවේ
* මහින්දෝදය පාසල් දහස ජනප්‍රිය කරවීම අරමුණයි
* අධ්‍යාපන ඇමැති දිනමිණ ට විශේෂ ප්‍රකාශයක් කරමින් කියයි
පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව තරග විභාගය ලබන වසරේ දී පමණක් පැවැත්වෙන අතර ඉන් පසු එම විභාගය දරුවන්ගේ සාධන මට්ටම පරීක්ෂා කර දිළිදු පවුල්වල දරුවන්ට ශිෂ්‍යාධාර ලබාදීමට පමණක් සීමා කිරීමට ආණ්ඩුව බලාපොරොත්තු වන බව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා දිනමිණට විශේෂ ප්‍රකාශයක් කරමින් ඊයේ (06) පැවසීය.
ශිෂ්‍යත්ව විභාගය තරග විභාගයක් ලෙස පැවැත්වීමෙන් දරුවන්ගේ ළමා කාලයට බාධා පැමිණෙන බවට ජාතික අධ්‍යාපන කොමිසම සිය නිර්දේශ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරිපත් කර ඇති අතර එම නිර්දේශ තමන් වෙත ලබා දී ඇති බවත් එම නිර්දේශ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත් ගුණවර්ධන මහතා කීවේය.
ඒ අනුව ශිෂ්‍යත්ව තරග විභාගය ලබන වසරේ දී පමණක් පැවැත්වෙන අතර ඉන්පසු සාධන මට්ටම පරීක්ෂා කිරිමේ විභාගය පැවැත්වෙන බව ද ඇමැතිවරයා කියා සිටියේය.
ජනප්‍රිය පාසල් මෙන්ම සංවර්ධනය කරන මහින්දෝදය පාසල් දහස කරා ශිෂ්‍යත්ව විභාගය සමත් වන දරුවන් යොමු කරන බවද ඇමැතිවරයා අවධාරණය කළේය.
ශිෂ්‍යත්ව විභාගය නිසා දරුවන්ට බර පැටවීම රජයේ ප්‍රතිපත්තිය නොවන බවද ගුණවර්ධන මහතා වැඩිදුරටත් කීය.ශිෂ්‍යත්ව තරග විභාගය ලබන වසරේ දී පමණයි

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි