Friday, December 18, 2015

අප උරු­මය


නැගී එන හිරු රැස්වල
ගලා යන දිය රැළි­තුළ
හමා එන මඳ නල­වල
රැඳී ඇත මිනි­සත් ගුණ

මිහිඳු හිමිගේ කවි
මුනි­ද­සුන්ගේ වැකි
මඩො­ල්දූවේ සිරි
තෙමයි හද නිවි නිවි

සීගිරි සිතු­ව­මින්
කැට­පත් කුරුටු ගීයෙන්
සඳ­කඩ කැට­ය­මින්
හද වත පිරේ සතු­ටින්

ගුත්ති­ලය කවි පොත
සිරි­ත්මල් දම් පෙළ
පන්සි­ය­ප­නස් දා වත
තනයි සොඳු­රුම හද­වත

නින්දට යන විට
අත්තම්මා කී කත­න්දර
සොඳුරු මිනි­සත් ගුණ
තබයි මා හද තුළ

සඳ­මිණි සමාඛ්‍යා ජය­බාහු
6 ශ්‍රේණිය “ඕලු”
සිරි­මාවෝ බණ්ඩා­ර­නා­යක විද්‍යා­ලය,
කොළඹ 07.
 

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි