Monday, December 21, 2015

ලොව වටා නත්තල් ~ නත්තල් ගසට මකුළු දැල් සැරසිලි

නත්තල, අලුත් අවුරුද්ද කියන්නේ ගේ දොර අස්පස් කරල ලස්සනට තියාගන්න කාලයක්. ඒත් යුක්රේනයේ නම් නත්තල් සැරසිලි අතර මකුළු දැල් තිබෙනවා කිව්වොත් ඔබ පුදුම වේවි. මේ චාරිත්‍රය එරට ජන කතාවක් ඇසුරෙන් නිර්මාණය වූවක්. අතීතයේ ඉතා දුප්පත් පවුලක් නත්තල් ගසක් නිර්මාණය කළත් ඔවුන්ට එම නත්තල් ගස සැරසීමට කිසිවක් තිබී නැහැ.
ඒත් ඔවුන් නත්තල් දින උදෑසන අවදි වී බලන විට ඔවුන්ගේ නත්තල් ගස මකුළු දැල් බැඳී ලස්සනට රත්‍රන් හා රිදී පැහැයෙන් බැබළෙමින් තිබුණා. මේ නිසා තමයි යුක්රේන ජාතිකයන් ඔවුන්ගේ නත්තල් ගසේ මකුළු දැලක් දෙකක් තිබෙන්නට හරින්නේ.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි