Saturday, December 19, 2015

අන්ත­ර්ජා­ලය යනු

පරි­ග­ණ­කය නිප­ද­වී­මෙන් පසු සිදුවූ අපූරු සොයා ගැනී­මක් ලෙස අන්තර් ජාලය හැඳි­න්විය හැකි ය. අතී­තයේ සිට වර්ත­මාන‍ය දක්වා පැමිණි ගමනේ යෝධ පිම්මක් පැන නූතන මාන­වයා තොර­තුරු රැස් කිරීම සඳහා දැඩි ඇල්මක් දක්වයි. මේ සඳහා අන්ත­ර්ජා­ලය මඟින් සිදු­වන සේවාව අප­මණ ය. විද්යුත් රැහැන් ප්‍රකාශ තන්තු ඔස්සේ හෝ ගුවන් විදුලි තරංග ඔස්සේ එකි­නෙකා හා සම්බන්ධ වී සිටින ලොව සෑම රට­කම විසිර පැතිර ඇති තොර­තුරු ජාල­යක් අන්ත­ර්ජා­ලයේ ආර­ම්භය යි. අන්ත­ර්ජා­ලයේ ආර­ම්භය දශක තිහ­කට පමණ පෙර වූවකි. කෙමෙන් වර්ධ­නය වෙමින් පැවැති අන්ත­ර්ජාල දත්ත සම්ප්‍රේ­ෂ­ණය සඳහා නව මෘදු­කාං­ග­යක් හඳු­න්වා­දෙන ලදී.
ඇමෙ­රි­කාවේ ටීම් බර්නස් ලී නමැති පරි­ග­ණක විද්‍යා­ඥයා විසින් හඳුන්වා දුන් එය අධි‍ලේ­ඛන (HTML = Hyper text Markup Language) සම්පා­දන ක්‍රම­යයි.
දිනෙන් දින අන්ත­ර්ජා­ල­යට සේවා­වන් එක්වෙ­මින් පව­තියි. E – mailftptelnet හා www ඉන් සම­හ­රකි. අන්ත­ර්ජාල තාක්ෂ­ණය අත­රින් wwwතාක්ෂ­ණ­යට හිමි වන්නේ ප්‍රමුඛ ස්ථාන­යකි. මෙම තාක්ෂ­ණය මඟින් අන්තර් ජාලය මත බොහෝ සේවා සපයා ඇත. www යනු world wide web ය. මෙම තාක්ෂ­ණය වෙබ් තාක්ෂ­ණය යනු­වෙන් හඳු­න්වයි.‍ අදාළ ‍වචන­යක් ඔස්සේ, පිටු සිය දහස් ගණන් සිසාරා යමින් ලෝකය දෙස එබී බල­මින් තොර­තුරු රැස් කිරී­මට මෙම ක්‍රමය බොහෝ දාය­කවේ.
නූතන ලෝකයේ වෙසෙන අපි අන්ත­ර්ජා­ලය ඔස්සේ දැනුම වර්ධ­නය කර ගැනී­මට උත්සාහ ගනිමු.
යූ. හර්ෂණී සෙව්වන්දි,
9 ශ්‍රේණිය,
ඇතා­බැ­ඳි­වැව විද්‍යා­ලය,
ත්‍රිකු­ණා­ම­ලය.

http://silumina.lk/2015/12/20/_art.asp?fn=au151220

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි