Sunday, February 9, 2014

උදෑසන එක් දිනක්

උදෑසන එක් දිනක්

හිමිදිරි උදෑසන සැබැවින් ම සුන්දරය. ඉතා රමණීය ය. තුරු වදුලේ හරිත සේලය අතරින් මිහිමතට පතිත වන උදා ළහිරු කිරණ, රන් රිදී ඈ නෙක විධ වර්ණ මවනුයේ මිහිමඬල මත නැවුම් සේලයක් වියන්නාක් මෙනි.
තුරු වදුලේ දැවැන්තයකු සේ ම, අතිශය සුන්දර රටා මවන, කුඹුක් ගස් තුමු ගාම්භීර ලීලාවෙන් වැජඹෙති. වනයේ නිහඬබවට අපූරු සුමියුරු නාදයක් එක් කරමින් ගී මියැසියක නියුතු වන කුරුලු පාරාදීසයේ කුරුලු වැසියෝ වන දෙව්ලිය අපූරුවට සරසතී.
කුරුලු පාරාදීසයේ ගෘහ නිර්මාණ ශිල්පියා උදෑසන සිය රාජකාරිය ඇරඹූ සෙයකි. තම සොඳුරිය කැන්දන් ඒමට අපූරු කැදැල්ලක් තනනුයේ, ඇගේ අවසරය පරිදිය. “දරුවනේ නුඹලට නැළවෙන්න, කුරුලු පියා සදයි කූඩුව මන බඳින” යනුවෙන් වඩු කිරිල්ලිය සිතනවා විය හැකිය.
ඩබ්ලිව්.ජී. ඉනෝකා හංසනී


13 ශ්‍රේණිය, බෞද්ධ වි., ගම්පොල.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි