පුංචි පැටව් හට මේ දුක් දෙන්න
එපා
දරුවා සමඟ මව අසරණ කරනු එපා
පාසල
යනු සමාජීය හර පරපුරෙන් පරපුරට පවරාදෙන ප්‍රධාන
මධ්‍යස්‌ථානයයි. එය විකාශනය වීම ආරම්භ වන්නේ ගුරු ගෙදරින් හෝ
පන්සලෙනි. ගුරු ගෙදර තුළ ද ගුරු ගරුත්වය නමැති සමාජ හරය
ආරක්‍ෂාකාරී ලෙස වර්ධනය වීමට අවශ්‍ය මානව හිතවාදී පරිසරය සැකසී
තිබිණි. මේ තත්ත්වය විවිධ සමාජ හැලහැප්පීම් හරහා 1948 දක්‌වා
එන ගමනේ අධිරාජ්‍යවාදී ආක්‍රමණික විදේශිකයන්ගේ ඊනියා කරුණාව මත
තවත් භෞතික ලෙස පුළුල් විය. ඒ අධ්‍යාපනය ද යටත් විජිත
නිර්මාණයේ ආයුධයක් ලෙස මුවහත් කර තම පාවිච්චියට ගනු වස්
ඔවුහු ඊට භෞතික සම්පත් එක් කළ බැවිනි. නමුත් 1948 දී නිදහස
ලබාගත් යටත් විජිතය එකී විදේශික වූ භෞතික සම්පත්ද ස්‌වදේශීය
අධ්‍යාපනය නඟා සිටුවීමේ අරමුණින් යොදා ගැනීමේ ශක්‌තිය ලැබීය.
එදා මෙදා තුර පාසල් වලට නිවැරදි නායකත්වය ලබා දුන්
විදුහල්පතිවරුන් හා බලධාරීන් නිසා අධ්‍යාපන ක්‍ෂේත්‍රය
දියුණුවෙන් දියුණුවට ගමන් කළේය. සී. ඩබ්. ලේඩ්බීටර්, සර් ඩී.
බී. ජයතිලක, පී. ද එස්. කුලරත්න, එල්. එච්, මෙත්තානන්ද,
ගුණපාල මලලසේකර, ආචාර්ය ඊ. ඩබ්. අධිකාරම්, එම්. ඩබ්.
කරුණානන්ද, කර්නල් ජී. ඩබ්. රාජපක්‍ෂ, අයි. ආර්. ටී. අලස්
වැනි කීර්තිමත් විදුහල්පති පරම්පරාවක් අප රටේ අධ්‍යාපන
ක්‍ෂේත්‍රය රැක ගත්හ. අද අධ්‍යාපනයේ ප්‍රධානතම ගැටලුව එවැනි
දේශජ, යහපත් ආකල්ප වලින් පිරිපුන් විදුහල්පතිවරුන් හිඟ වීම හා
විචාරයක් හෝ ආචාරයක් නොමැති විදුහල්පතිවරු වැඩි වීමය.
නිදහස් අධ්‍යාපනය විනාශයට මුහුණ පා තිබේ. මේ ගෙවන්නේ නාමිකව
හෝ නිදහස් අධ්‍යාපනය පවත්නා අවසන් වසර කිහිපය විය හැකිය.
එසේ නම් ගොවියාගේ පුතු, කම්කරුවාගේ පුතු, කිසි දිනක නවලොවක්
දකිනු නැත. අධ්‍යාපනය වෙනුවෙන් මිලක් වැය කරන්නට නොමැති
දෙමාපියන්ගේ දූ පුතුනට නුදුරු අනාගතයේ තම මව්පියන්ගෙන් උරුම
සාම්ප්‍රදායික වෘත්තියක නියුතු වී ජීවිකාව සරිකර ගන්නට සිදු
වනු ඇත.
අධ්‍යාපන
වරප්‍රසාදය අහිමි වීම කෙළවර වන්නේ නිර්ධන පාන්තික දරුවන්ට සුදු
කරපටි රැකියාවන් අහිමි වීමෙන් පමණක් නම් එය එක අතකට යහපතකි.
මක් නිසා ද යත් එය උසස් යෑයි සම්මත ක්‍ෂේත්‍ර කීපයක් පමණක්
ඇති නොකරන නිසාය. නමුත් අධ්‍යාපනය යනු රැකියාව පමණක් තීරණය
කරන්නක් නොවේ.
අධ්‍යාපනය අහිමි වීම යනු මුග්ධ ජාතියක් බිහිවීමයි. අධ්‍යාපනය
ලබමින් මුත් ගුණධර්ම හා ස්‌වකීය රට, ජාතිය පිළිබඳ හැඟීම
පිරිහුණු රටක අධ්‍යාපනය ධනවතුන්ට පමණක් හිමි වීමෙන් සිදු විය
හැකි ප්‍රතිඵල භයානකය.
මතු කියවෙන්නේ එහි ප්‍රතිඵලයකි. මේ පාසල ආරම්භ කරන ලද්දේ 70
දශකයේ අග භාගයේය. වියළි කලාපයේ දුෂ්කර ප්‍රදේශයක් වූ
ඇඹිලිපිටියේ පිහිටි මේ පාසල සැබැවින්ම එහි පාසල් ගීතයේ කියවෙන
ආකාරයටම කටුක බිමක පිබිද වූ රන්මලක්‌මය. එකල එය වචනයේ
පරිසමාප්ත අර්ථයෙන්ම සුන්දර පාසලකි. ඉතා කෙටි කාලයක් තුළ
රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ දීප්තිමත්ම පාසලක් බවට පත් වූයේ එකල
සිටි විදුහල්පතිවරුන්ගේ හා ගුරුවරුන්ගේ අප්‍රතිහත කැපවීම
නිසාමය. නමුත් අසූව දශකයේ අග භාගයේ සිට පාසලට කණකොකා හඬන්නට
විය.
මේ කවිපෙළ කියන්නේ නමින් "නිදහස්" වුවද එම රජයේ පාසල මුදල්
එකතු කිරීමෙන් සාමාන්‍ය නිර්ධන පාන්තික දරුවන් අපහසුතාවට පත්වන
අයුරුය. අපහසුතාවට පත්වීමේ ඊළඟ පියවර උග්‍ර අග හිඟතා ඇති නම්
දරුවන් පාසලට හැර හේනට, කුඹුරට, ගඩොල් කපන්නට, අත් වැඩ දෙන්නට,
ගැට කපන්නට, ටියුෂන් පන්ති වල කාඩ් කපන්නට හෝ පොකට් ගසන්නට
යැමයි. ඇති හැකි දරුවන්ගේ මාපියන් ඒකට දුන්නත් සල්ලි, මේකට
දුන්නත් සල්ලිනේ" යෑකි කියමින් දරුවන් පෞද්ගලික පාසල් වෙත
යොමුකර අධිරාජ්‍යවාදීන්ට අවශ්‍ය අධ්‍යාපනය ලබාදීමයි. ප්‍රතිඵලය
වහල් භාවය හා මුග්ධ භාවය නොවේද?
කබලෙන්
ලිපට
කරට අරන් පවුලේ බර සියල්ල
කොළරොඩු අරන් විකුණාගෙන ඉඳිල්ල
කරගැට ඇවිත් අත්ලේ මැද රිදිල්ල
කුසගිනි තමයි පැටවුන්ගේ දැවිල්ල
විඳි කම්කටොලු කරබාගෙන සිටිති
දරු පැටවුන් රැගෙන පාසල කරා යති
ලොක්‌කන් පයට පොඩ්ඩන් යටවෙලා ඇති
මේ හැම දුක් ගැහැට දරුවන් නිසා වෙනි
ගහන ගහන පදයට නටනා ඇත්තෝ
හදවත් දුක් කඳුළු කිසිවක් දැක නැත්තෝ
පොඩි මිනිසුන් පාගන්නට මේ ගැත්තෝ
ඉපදී සිටිති මේ මිහිමත සැක නැත්තෝ
යන්තම් මොනව හරි කාලා ඉන්නකොට
කටු අනිනවා වාගෙයි මේ ලොක්‌කන්ට
රිසිට් ගහල බිල් හදලා එවනකොට
වහ බොන්නටයි වෙන්නේ මවුපියන්හට
අකුරු කරන්නට නැහෙනා නැහැල්ල
වැටහෙන්නේ නැද්ද මේ දුක් ගැනවිල්ල
දරුවන් සියලු දෙන පාරට දැමිල්ල
හරිදැයි කියා බලන්න දැන සිතිල්ල
පුංචි පැටවු හට මේ දුක් දෙන්න එපා
දරුවා සමඟ මව අසරණ කරනු එපා
වැඩියෙන් ඔබේ සාක්‌කු පුරවන්න එපා
කබලෙන් ලිපට මේ හැම ඇද දමනු එපා
එදා අර්ධ නාගරික ගොවි පරිසරයක හැදුණු මා අත්දුටුවේ පාරිසරික
සුන්දරත්වයයි. මාZතින් ලියවුණේ පරිසරයේ සුන්දර බව පිළිබඳ
පද්‍යයන්ය. නමුත් එවැනිම පරිසරයක දිවිගෙවන මෙම දැරියට
අත්විඳින්නට සිදුව ඇත්තේ කුමක්‌ද? ඒ නිසාම ඇය ලිව්වාය, මේ කවි.
තම සහෝදර සහෝදරියන් පාසල් බලධාරින් පෙළනු ඇය දුටුවාය. වරක්
දෙවරක් නොව දිගින් දිගටම මෙම අසාධාරණය සිදුවනු ඇය අත්වින්දාය.
දිළින්දන් පෙළමින් මුදල් එකතු කරන පාසල් බලධාරීන් ඇය දුටුවාය.
ඒ නිසාම ඇය ලිව්වාය මේ කවි. මේ අපේ පුංචි මලාලාය. ඇය නිදහස්
අධ්‍යාපනය වෙනුවෙන් පෙනී සිටින්නීය.
නමුත් අවාසනාවක මහත· මේ කුඩා දැරියගේ ළපටි සිතට දැනෙන දේ පාසල්
බලධාරීන්ටහට නොපෙනේ. ඔවුන් හඳුනන්නේ දාහේ දෙදාහේ පන්දාහේ කොල
මිස මේ
නොකැළැල් ළමා සිත් නොවේ. ඔවුන්ගේ විකෘති මනසට ගෝචර වන්නේ මිල
මුදල් යාන වාහන මන්දිර මිස වෙන කිසිත් නොවේ. මෙවන් චාරයක් හෝ
විචාරයක් නොමැති මිනිසුන්ගෙන් අධ්‍යාපන ක්‍ෂේත්‍රයට සේවයක්
සැලසේ යෑයි බලාපොරොත්තු විය හැකිද? මෙවැනි දූෂිත නිලධාරීන්ගෙන්
මේ අහිංසක දරුවන්ට සාධාරණයක් ඉෂ්ඨ වේ යෑයි බලාපොරොත්තු විය
හැකිද?
මේ කවි පෙළ පාසල් බිත්ති පුවත්පතෙහි පළකළ "වරදට" ඇයගේ ගුරු
මෑණියන් හට විවිධ පීඩන එන්තර වාසි වලට මුහුණ දීමට සිදු විය.
අවසානයේ විදුහල්පති බාප්පාගේ අණින් නියෝජ්‍ය විදුහල්පතිනි
කුඩම්මාගේ ප්‍රධානත්වයෙන් ගුරු කුඩම්මලා පැවැත්වූ විනය
බලධාරියකු නොමැතිව විහිළු විනය පරීක්‍ෂණයකටද මුහුණදීමට එම ගුරු
මෑණියන්හට සිදු විය. එහෙත් ඇය දැරිය ආරක්‍ෂා කළාය. එවන් ගුරු
මවුවරුන්හට ජාතියේ ප්‍රණාමය හිමි විය යුතුය.
පාසල් ක්‍රියාවලිය තුළ විවිධ කර්තව්‍යයන් උදෙසා මුදල් අවශ්‍ය
වේ. ඒ පිළිබඳ කිසිදු විවාදයක් නැත. මෙම මූල්‍ය සම්පත් සපයා
ගැනීම සඳහා දෙමාපියන්ගෙන් හෝ සුබ පතන්නන්ගෙන් උපකාර ලබා ගැනීමේ
කිසිදු වරදක් නැත. නමුත් ගැටලුව වන්නේ උපකාර ගැනීම කප්පම්
ගැනීම බවට පත්වී තිබීමය. පාසල රජයේ ආයතනයකි. රජයේ ආයතනයකට
මුදල්, භාණ්‌ඩ හා සේවා ලබාගැනීමේදී නිශ්චිත ක්‍රමවේදයක් තිබේ.
එය පාසලට ද වලංගුය. පාසලේ අවශ්‍යතා හඳුනා ගැනීම, ඒවා
ඇස්‌තමේන්තුගත කිරීම, ඇස්‌තමේන්තු ප්‍රසිද්ධ කිරීම, දෙමාපියන්
අදාළ කාර්යය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශ ගිණුමකට මුදල් බැර
කිරීම, එම මුදල භාවිත කර අමාත්‍යාංශ අධීක්‍ෂණය යටතේ නිවැරදි
ප්‍රමිතියට අදාළ කාර්යය ඉටු කිරීම යන පියවර අනුගමනය කළ හැකිය.
එමගින් විවිධ පුද්ගලයන් තම සාක්‌කු පුරවා ගැනීම නතර කළ හැකි
වේ.
පියෙකු විසිනි
Divayina
0 comments:
Post a Comment
ඔබගේ අදහස් අපට මහ මෙරකි