Saturday, July 11, 2015

අනාරක්ෂිත විදුලි රෙදි මදින යන්ත්‍ර

හම්බන්තොට, කටුවන පොලිසියේ පාසල් ප්‍රජා පොලිස් ඒකකය මඟින් වැඩසටහන්

ම්බන්තොට දිස්ත්‍රික්කයේ කටුවන ප්‍රදේශයේ නිවාසවල සිටින පාසල් දරුවන් රෙදි මැදීම සිදු කරන්නේ අනාරක්ෂිත විදුලි රෙදි මදින යන්ත්‍ර භාවිත කරමින් බවත් මේ නිසා පාසල් ළමුන් ආපදාවලට ලක් විය හැකි බවත් කටුවන පොලිසියේ ප්‍රජා පොලිස් ඒකකය පසුගියදා හම්බන්තොට දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු රැස්වීමේදී පැවසීය.


මේ පිළිබඳ ළමුන් දැනුවත් කිරීමේ වැඩසටහන් ප්‍රජා පොලිස් ඒකකය මඟින් සෑම පාසලක ම සිදු කරමින් පවතී. ආරක්ෂිත රෙදි මදින යන්ත්‍ර සහන ක්‍රමවේදයක් යටතේ එම පවුල්වෙත ලබාදීමට හැකියාවක් ඇත්නම් එය ඉතා වැදගත් බව ඔවුන් පෙන්වා දෙති.
කටුවන පාසල් ප්‍රජා පොලිස් ඒකකය ආපදා පිළිබඳ ව දැනුවත් කිරීම සිදු කරන අතර ම එම ආපදා අවම කිරීමේ වැඩසටහන් ද ක්‍රියාත්මක කරනු ඇත. කටුවන කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශ තුළ සිදු වන සෝදා පාළුව නැති කිරීම සඳහා ප්‍රදේශයට ආවේණික ශාක වගාකිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත. ඔවුන් ඉල්ලා සිටින්නේ මේ සඳහා සුදුසු පැළ ලබාදිය හැකි ආයතන එම ඒකකකය වෙත පැළ ලබාදීමට කටයුතු කරන ලෙසයි.
මේ මඟින් ප්‍රදේශයේ කඳු කඩා වැටීම, නාය යාම වැනි ආපදා අවම කර ගැනීමට හැකි වේ. පාසල් දරුවන් මඟින් පැළ සිටුවීම සඳහා ජල පෝෂක ප්‍රදේශ ද මේ වන විට හඳුනා ගෙන ඇති බව ද ඔවුහු ප්‍රකාශ කළහ.
NDH/dmu_Hambantota
http://sinhala.news.lk/

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි