Thursday, July 2, 2015

සිනා - කදුළු පෙට්ටි

දරුවන් සුරක්ෂිත කිරීමට අනුරාධපුර පාසල්වලට  සිනා කදුළු පෙට්ටි

පාසල් තුළ සිනා - කදුළු පෙට්ටි ක්‍රියාත්මක කිරිමෙන් පසු දරුන්ගේ බොහෝ ගැටලු ඉදිරිපත් කිරිමට අවස්ථාව උදාවන බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජි. කුමාරිසිරි මහතා පැවසිය.
අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විදුහල්පතිවරුන් වෙනුවෙන් ළමා ආරක්ෂක අධිකාරිය සංවිධානය කර තිබු රැස්වීමට එක් වෙමින් දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව සඳහන් කළේය.
දරුවන්ට වඩාත් සුරක්ෂිත පාසලක් නිර්මාණය කිරිම උදෙසා ඔවුන්ගේ ගැටලු, අදහස්, අවශ්‍යතා මෙන්ම චෝදනා රහසිගත ලෙස ප්‍රකාශ කිරිමට අදාළව එම සිනහා කදුළු පෙට්ටි පාසල් තුළ තැන්පත් කිරිම පිළිබඳව දිස්ත්‍රික්කයේ විදුහල්පතිවරු දැනුවත් කිරිම මෙහිදි සිදුවිය.
දරුවන් පාසලේ රැඳී සිටිනුයේ පැය කිහිපයකට සීමා වු කාල සීමාවක් වන අතර දවසේ ඉතිරි කාල පරාසයම ගතවන්නේ නිවසේ සිය දෙමාපියන් සමඟ හා සමාජයේ ජනතාව සමඟ බව සඳහන් කළ කුමාරසිරි මහතා දරුවන් පාසලින් හෝ නිවසින් පිටවුවාට පසුව පිවිසෙන්නේ විෂම සමාජයකට බව ද පෙන්වා දුන්නේය. ජංගම දුරකතනය ද , රූපවාහිනිය ද ළමා මනස වැඩිහිටියන්ට අවශ්‍ය පරිදි සකසා ගැනිමට ඉඩ නොදෙන බව ද වර්තමාන තාරුණ්‍ය කණගාටුදායක තත්ත්වයකට පත්ව ඇති ඒ මහතා පෙන්වා දුන්නේය.
දිස්ත්‍රික්කයේ විද්‍යාල 80ක විදුහල්පතිවරුන් සහභාගිකරවමින් මෙම රැස්විම සංවිධානය කළේ, ජාතික ළමා ආරක්ෂ අධිකාරියේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලය මගිනි.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි