Monday, January 11, 2016

ශිෂ්‍ය නියෝජිතයන් සමඟ හෙට විවෘත සාකච්ඡාවක්

සියලුම විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය නියෝජිතයන් සමඟ විවෘත සාකච්ඡාවක් පැවැත්වීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.
මෙම විවෘත සාකච්ඡාව හෙට (12) පෙ.ව.9.30ට විශ්විවද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට නියමිතය. උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමැති මොහාන් ලාල් ග්‍රේරු මහතාගේ උපදෙස් මත මෙම සාකච්ඡාව කැඳවා තිබේ. විශ්වවිද්‍යාල පද්ධතියේ සංවර්ධනය උදෙසා යෝජිත පස් අවුරුදු විශ්වවිද්‍යාල සංවර්ධන සැලැස්ම සහ විශ්වවිද්‍යාල ප්‍රවේශයන් කඩිනම් කිරීමේ නව ක්‍රමවේදයන් පිළිබඳව ශිෂ්‍ය නියෝජිතයන්ගේ යෝජනා හා අදහස් ලබාගැනීමත් ඒ පිළිබඳව වැඩිදුර සාකච්ඡා කිරීමත් මෙම විවෘත සාකච්ඡාවේ අරමුණ වේ.
සියලුම විශ්වවිද්‍යාලවල මහාශිෂ්‍ය සංගම්වල සභාපති, ලේකම් සහ භාණ්ඩාගාරික තනතුරු දරණ ශිෂ්‍ය නියෝජිතයන්ට මේ සඳහා සහභාගී විය හැකි අතර පැමිණීම තහවුරු කිරීම සඳහා 0113091654 දුරකථන අංකයට ඇමතිය හැකි බව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි. නොඑසේ නම් piyumm@gmail.com විද්‍යුත් තැපෑලට දැන්විය හැකි බවද දැනුම් දෙයි. 

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි