Sunday, November 3, 2013

ලෝක ළමා දිනය දා අප ගිය අධ්‍යාපන චාරිකාව

ලෝක ළමා දිනය දා අප ගිය අධ්‍යාපන චාරිකාව

ලෝක ළමා දිනය දා හැදුණුවැව මැදි මහ විදුහලේ සිසු දරු දැරියන් වන අපට අතිවිශේෂ දිනයක් විය‍. විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලය සාකච්ඡා කරගත් පරිදි පාසලේ සියලුම ළමයි අධ්‍යාපන චාරිකාවක නිරත කළෝ ය. එදින අපි සැමට දුටුගැමුණු රජු ස්නානය කළ රජ පිහිල්ල, මහවැලි සෑය, ගැමුණු කුමරුගේ කඩුව සඟවා තිබූ දෙහෙදු කඩුල්ල, කොත්මලේ ජලාශය නැරඹීමට අවස්ථාව ලැබිණ.
කුඹුරුයායක් මැද තිබූ ගැමුණු කුමරා ස්නානය කළ රජ පිහිල්ල දුටු අපට එදා ගැමුණු කුමරු ස්නානය කළ අයුරු මතකයට නංවා ගැනීමට හැකි විය.
මීළඟට අපි රුවන්වැලිසෑයේ ආකෘතියට සාදන මහවැලි සෑය දැකගත්තෙමු. මෙහි තවම වැඩ නිමවා නැත. මෙහි වැඩ අවසන් වූ පසු නැවතත් යෑමට ලැබේවායි මම ප්‍රාර්ථනා කළෙමි.
දෙහෙදුකඩුල්ල ළඟට ගිය අපට ගැමුණු කුමරාගේ කඩුව හා ආභරණ සඟවා තිබූ තැන මේ යැයි විදුහල්පතිතුමා පෙන්නුවේ ය. ජනප්‍රවාද අනුව මෙය නිර්මාණය කර ඇත්තේ කොටගේපිටිය ගමට අලි ඇතුන් ඇතුළු වීම වැළැක්වීමට බව දැන ගත්තෙමු‍.
කොත්මලේ ජලාශය නැරඹීමට පළමුවෙන් නැරඹුම් මැදිරියට ගියෙමු. මෙහිදී ජලාශයේ සැලැස්ම දැක ගනිමු. ඉන් පසුව ජලාශය උඩින් වැටී ඇති වේල්ල දිගේ පයින් ගමන් කරමින් එහි අසිරිය දැක ගතිමු. අපට සතුට, දැනුම ලබාදෙමින් අප කැඳවාගෙන ගිය විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලයට ස්තුතිය පුද කරන්නෙමු.
ඒ.එච්. බුද්ධිකා සංජීවනී,
7 ශ්‍රේණිය ‘බී’,
හැදුණුවැව මධ්‍ය මහා විදුහල,
හැදුණුවැව.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි