Sunday, November 17, 2013

තවත් නව චැනලයක්.........................................................................................නැණස - රූපවාහිනී අධ්‍යාපන විකාශය

අධ්‍යාපන අමාත්‍යාංශය හා ඩයලොග් ආසියාටා සමාගම එක්ව ක්‍රියාත්මක කරනු ලබන නැණස රූපවාහිනී අධ්‍යාපන වැඩසටහන යටතේ තවත් නව චැනලයක් 10 ශ්‍රේණියේ අධ්‍යාපන වැඩසටහන් විකාශය කිරීම සඳහා අතිගරු ජනාධිපති මහින්ද රාපක්ෂ මැතිතුමා, ගරු අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමා හා ඩයලොග් ආසියාටා ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ ප්‍රධානත්වයෙන් ඩී.ඒ. රාජපක්ෂ මැතිතුමාගේ ජන්ම දින සැමරුමට සමගාමීව 2013-11-06 දින තංගල්ල රුහුණු විජයබා ජාතික පාසලේ දී දැයේ දරුවන් උදෙසා තිලිණ කරන ලදි.

මෙම වැඩසටහනේදී ගරු අධ්‍යාපන අමාත්‍යතුමා අදහස් දක්වමින් ද්විතියික පාසල් 1000 ක් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ සංවර්ධනය කරනු ලබන සියලු ම පාසල්වල ලබන මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර සංකීර්ණය තුළ නැණස ඒකකයක් ඉදිකරනු ලබන අතර එමගින් එම පාසලේ දරුවන්ට පාසල් කාලය තුළදී අදාළ පාඩම් පරිශීලනය කළ හැකි බව පවසන ලදි.

මීට ඉහතදී 11 ශ්‍රේණිය සඳහා චැනලයක් ක්‍රියාත්මක වූ අතර මෙදින දියත් කරන ලද චැනලයත් සමග 10 සහ 11 ශ්‍රේණි සඳහා ම වෙන්වූ වෙනම චැනල 2ක් 2013-11-06 දින සිට ඩයලොග් රූපවාහිනිය තුළ චැනල් අංක 72 හා 73 යටතේ විකාශය වීම අරඹා ඇති බවත් මීට අමතරව මෙම වැඩසටහන මගින් ඉදිරියේදී අනෙකුත් ශ්‍රේණි සඳහා ද එම ශ්‍රේණිවලටම වෙන්වූ චැනලයක් ලබාදීමට ඩයලොග් ආසියාටා සමාගම එකඟවී ඇති බවත් එම ආයතනය විසින් දැයේ දරුවන්ට කරනු ලබන මෙම සත්කාරය වෙනුවෙන් දැයේ දරුවන්ගේ ප්‍රණාමය පුද කරනු ලබන බවත් පවසන ලදි.

මෙම අවස්ථාව සඳහා ආපදා කළමනාකරණ ගරු අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා, හම්බන්තොට  දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මැතිතුමා ඇතුළු ප්‍රාදේශීය දේශපාලන නායකයන් රැසක් ද අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ හා නැණස ඒකකය භාරව කටයුතු කරනු ලබන අධ්‍යාපන අධ්‍යක්ෂ ජී.එම්. නීල් ගුණදාස මහතා ද දකුණු පළාත් අධ්‍යාපන ලේකම් ඒ.කේ.පී.එම්.ආර්. කරුණානායක මහතා, දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ජයතිස්ස බ්ලොක් මහතා සහ පළාත් අධ්‍යාපන නිලධාරීන් රැසක් ද සහභාගී වූහ. 

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි