Thursday, February 11, 2016

Be a change maker awards ceremony - සාරා සන්රුවී


ඉලෙ­ක්ට්‍රො­නික කසළ අද ලෝකයේ බර­ප­තළ පාරි­ස­රික ප්‍රශ්න­යක් බවට පත් වී තිබේ. ලෝකය පුරා ඊ- අප­ද්‍රව්‍ය මෙට්‍රික් ටොන් මිලි­යන 50ක් පමණ පොළො­වට එකතු කරන අතර අපේ රටේ පම­ණක් වස­ර­කට ඊ-කසළ මෙට්‍රික් ටොන් 60ක් 65ක් පමණ එකතු වන බව වාර්තා වේ. මෙයට ප්‍රධාන හේතුව ඉලෙ­ක්ට්‍රො­නික අප­ද්‍රව්‍ය කළ­ම­නා­ක­ර­නය පිළි­බඳ ප්‍රමා­ණ­වත් දැනු­මක් ඒවා භාවිත කර­න්නන් තුළ නොමැති වීමයි.
එක්සත් ජාතීන්ගේ ගෝලීය පරි­සර අර­මු­දලේ සුළු මූල්‍යා­ධාර වැඩ­ස­ට­හන සහ ඩිජි­ටල් ෆිල්ම් ඇක­ඩමි එක්ව, ඉලෙ­ක්ට්‍රො­නික් අප­ද්‍රව්‍ය කළ­ම­නා­ක­ර­ණය පිළි­බඳ ජන­තාව දැනු­ම්වත් කිරීම සඳහා දීප ව්‍යාප්ත වඩියෝ දැන්වීම්, පුව­ත්පත් ලිපි, පෝස්ටර් නිර්මාණ විවෘත තර­ග­යක් 2015 වසරේ පැවැ­ත්විණි. එය සංවි­ධා­නය කරනු ලැබුවේ චිත්තා­වේ­ගික බුද්ධිය සහ ජීවන කුස­ලතා පුහුණු කිරීමේ කණ්ඩා­යම (Emotional Intelligence and Life skills Training Team (Gte) Ltd) විසිනි. එම තර­ග­යට ඉදි­රි­පත් වූ නිර්මා­ණ­ක­රු­වන් ඇග­යීම වෙනු­වෙන් 2015 දෙසැ­ම්බර් 13 දින කොළඹ බණ්ඩා­ර­නා­යක අනු­ස්ම­රණ අන්ත­ර්ජා­තික සම්ම­න්ත්‍රණ ශාලා පරි­ශ්‍රයේ පැවැති Be a change maker awards ceremony 2015 සම්මාන උලෙ­ළේදී ප්‍රථම ස්ථානය ලබා ගත්තේ නුගේ­ගොඩ සුජාතා විද්‍යා­ලයේ 2 වසරේ ඉගෙ­නුම ලබන සාරා සන්රුවී ශිෂ්‍යා­වයි.
පාසල් අධ­යා­පන කට­යු­තු­ව­ලට මෙන්ම පිහි­නුම්, බැඩ්මි­න්ටන් සහ චෙස් ක්‍රීඩා­ව­ල­ටද දස්කම් දක්වන ඇය, සිංහල ගද්‍ය ගායනා සහ කිය­වීම් තර­ග­ව­ලින් පාසල් වර්ණ හිමි කර ගැනී­මට සමත්ව සිටි­න්නීය. 


http://www.silumina.lk/2016/02/07/_art.asp?fn=au1602071

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි