Thursday, February 11, 2016

පරි­ස්ස­මට හිනා වෙවී............!!!


පරි­ස්ස­මට හිනා වෙවී
ආද­ර­යෙන් රණ්ඩු වෙවී
වෙල් ඉප­නැල්ලේ දිවූ හැටි
සිහි වෙනවා නිතර නිතර
දව­සක් ඒදණ්ඩ දිගේ
මුලින් ම යන්නේ කවු­දැයි
අපි විග­හට ගමන් කළා
පය ලිස්සා වැටුණු විටදි
ඇඳි වත ගිලි­හුණා වගේ
මූණු රතු වුණා මතකයි

බඩ­වැ­ටි­වල කජු ගස් මුල
රැයක් දවා­ලක් නැති­වම
ඔච්චම් කර­මින් අපි­ටම
කුරුලු කිරිලි කිචි බිචි­යට
තාල ඇල්ලුවා මත­කයි

නරි නයිදේ එළ­වා­ගෙන
උගෙ පස්සෙන් දිව ගෙන ගොස්
ආප­ස්සට ඌ එන විට
අප දිව්වා ගස් මුදු­නට හති දාගෙන
කොයික කළත් අහිං­ස­කයි
ආතා උකුළේ ඉඳ
නිඳි කුම­රිය හා අත ගෙන
රෑ සිහි­නෙන් බුදු සාදුට
වැන්දා මත­කයි

එම්. ජී. ඩිල්කි නවෝදා
13 ශ්‍රේණිය,
අනුලා විද්‍යා­ලය,
නුගේගොඩ.
 

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි