Saturday, September 13, 2014

බණ්ඩාරවෙල මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර දෙකක් අද සිසු අයිතියට

බණ්ඩාරවෙල මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර දෙකක් අද සිසු අයිතියට

බණ්ඩාරවෙල විශාකා බාලිකා මහා විද්‍යාලයේ අලුතින් ඉදිකරන ලද මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (13) පස්වරු 3.00ට සිසු අයිතියට පත් කරන අතර අද දින ම පස්වරු 3.45ට බණ්ඩාරවෙල ධර්මාශෝක මහා විද්‍යාලයේ නව මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය ද සිසු අයිතියට පත් කරනු ඇත.
 
මෙම එක් මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරයක පරිගණක 40කින් සමන්විත පරිගණකාගාරයක්, පරිගණක 20කින් සමන්විත භාෂාගාරක්, දුරස්ථ අධ්‍යාපනය සඳහා නැණස ඒකකයක්, ගණිතාගාරයක්, විද්‍යාගාරයක් යන අංගයන්ගෙන් සමන්විතය. 

අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සමඟ මැතිඇමතිවරුන් ද නිලධාරීහු ද මේ අවස්ථාවට සහභාගි වනු ඇත.

NDH
http://sinhala.news.lk/news/world-3/item/5078-2014-09-12-05-24-12

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි