Wednesday, June 26, 2013

විභාගයට දින 5 කට පෙර ටියුෂන්, සම්මන්ත්‍රණ තහනම් නීතිය මෙවර උ/ පෙළ විභාගයේ සිට

විභාගයට දින 5 කට පෙර ටියුෂන්, සම්මන්ත්‍රණ
තහනම් නීතිය මෙවර උ/ පෙළ විභාගයේ සිට


ගැසට්‌ නිවේදනය නිකුත්කරයි

http://www.mjffoundation.org/blog/wp-content/uploads/2011/04/21-22nd-June-SK-048.jpg

ප්‍රධාන පාසල් විභාග ආරම්භ කිරීමට දින පහකට පෙර ඊට අදාළ සම්මන්ත්‍රණ, උපකාරක පන්ති ඇතුළු සියලු උපකාරක කටයුතු තහනම් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

ලබන අගොස්‌තු මාසයේ පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්‌ පෙළ විභාගයේ සිට මෙම පියවර ක්‍රියාත්මක කෙරෙන අතර මීට අදාළ ගැසට්‌ නිවේදනය පසුගිය 21 වැනිදා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරනු ලැබ ඇත.

විභාග, වංචා හා අක්‍රමිකතා වැළැක්‌වීමේ අරමුණින් මෙම තහනම ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව උසස්‌ පෙළ, සාමාන්‍ය පෙළ හා පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව යන විභාග ආරම්භ කිරීමට දින පහකට ප්‍රථම එම විභාගයන්ට අදාළ සම්මන්ත්‍රණ සාකච්ඡා, උපකාරක පන්ති, දේශන, වැඩමුළු, දේශන කණ්‌ඩායම් දේශන යන සියලු ආකාරයේ ඉගැන්වීම් කටයුතු සිදුකිරීම සපුරා තහනම් වේ.

මෙම නීතිය කඩ කරන කුමන පුද්ගලයකුට වුවද එරෙහිව දැඩි දඬුවම් පමුණුවන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊයේ (25 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

මෙම තහනම පසුගිය වසරේ සිට ක්‍රියාවට නැඟීමට තමා ගත් උත්සාහයට ඇතැම් අය විරෝධය පළ කිරීම නිසා නතර කිරීමට සිදු වූ බව ද පසුගිය සාමාන්‍ය පෙළ විභාගයේදී විද්‍යාව ප්‍රශ්න පත්‍රයට අදාළ අක්‍රමිකතාව සිදු වූයේ ඒ නිසා යෑයි ද කී ඇමැතිවරයා මේ බව පාර්ලිමේන්තුවේ අධ්‍යාපනය පිළිබඳ උපදේශක කාරක සභාවට දැනුම් දීමෙන් පසු මෙම නීතිය ක්‍රියාත්මක කිරීමට එකඟතාව ලැබුණු බවද සඳහන් කළේය.



නිලන්ත මදුරාවල

http://www.divaina.com/2013/06/26/news11.html
 

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි