Friday, June 21, 2013

ශිෂ්‍යත්වය-O/L-A/L විභාග ඇරඹීමට දින 5කට පෙර සිට උපකාරක පන්ති තහනම්

ශිෂ්‍යත්වය-O/L-A/L විභාග ඇරඹීමට දින 5කට පෙර සිට උපකාරක පන්ති තහනම්

පහ වසර ශිෂ්‍යත්ව විභාගය, අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග පැවැත්වීමට දින පහකට පෙර සිට විභාග අවසන් වන දිනය දක්වා උපකාරක පන්ති පැවැත්වීම සපුරා තහනම් කර තිබේ. අධ්‍යාපන ඇමැතිවරයාට ඇති බලතල යටතේ අමතර පන්ති පවත්වන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමටද කටයුතු කෙරේ.
මේ අනුව අදාළ විභාගයන්ට දින පහකට පෙර සිට අවසන් වන තුරු උපකාරක පන්ති සංවිධානය කිරීම, එම පන්ති මෙහෙයවීම, විෂයානුබද්ධ දේශන සම්මන්ත්‍රණ පැවැත්වීම, එම විභාග සඳහා අනුමාන ප්‍රශ්න මුද්‍රණය කිරීම, බෙදාහැරීම, විභාග ප්‍රශ්න පත්‍ර ලබාදෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න පත්‍ර ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත් පත්‍රිකා, විද්‍යුත් ‍හෝ මුද්‍රිත මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දෑ ළඟ තබා ගැනීම සපුරා තහනම් වේ.

සුභාෂිනි සේනානායක

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි