Wednesday, July 17, 2013

කොළඹ යශෝධරා බාලිකාව 19 වැනිදා වසර 167 සමරයි

කොළඹ යශෝධරා බාලිකාව 19 වැනිදා වසර 167 සමරයි

කොළඹ යශෝධරා විද්‍යාලයීය 167 වැනි ජන්ම දිනය නිsමිතිකොටගෙන මෙම මස 19 වැනිදා (සිකුරාදා) ප.ව. 4.00 ට පරිත්‍රාණ ධර්ම දේශනාමය පිංකමක්‌ විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වීමට යශෝධරා බාලිකා විදුහල්පතිනි කේ. එම්. අජන්තා පහත්කුඹුර මහත්මිය ප්‍රමුඛ ආචාර්ය මණ්‌ඩලය කටයුතු යොදා තිබේ.




පසුගිය මස 29 වෙනිදායින් අවසන්වූ ගම්පහ යසෝදරා විදුහලේ දී සාර්ථකලෙස පැවැත්වුණු අධ්‍යාපනික ප්‍රදර්ශණයේ ගම්පහ නිව්ස් කැමරා කාචයේ සටහන් වූ රූපරාමු කීපයකි...
මෙය ප්‍රදර්ශණ ශාලා 11කින් සහ ප්‍රදර්ශණ කුටි 84කින් සමන්විත වූ අතර යශෝදරා සිසුවියන්ගේ අධ්‍යාපනික හැකියාවන් විදහාපාන තොරතුරු ක්‍රියාකාරකම් රාශියකින් මෙන්ම රාජ්‍ය අංශයේ පෙට්‍රෝලියම් ආයතනය, බන්ධනාගාර දෙපාර්තුමේන්තුව වැනි දෙපාර්තුමේන්තු තම ආයතනික කටයුතු පැහැදිලි කරදෙන මෙන්ම පෞද්ගලික අංශයේ අධ්‍යාපනික ආයතන වන IDM හා IBM වැනි පරිගණක ආයතනයන්ද තම අධ්‍යාපනික අවස්ථා කියාදෙන ප්‍රදර්ශනකුටීන් මෙම යසාභිමානී 2013 ප්‍රදර්ශණය සමන්විත වුනා. . මෙම ප්‍රදර්ශන දින 3 තුලදී යසෝදරා විදුහලේ සිදුවූ තවත් එක් විශේෂ සිදුවීමක් වූයේ ආර්ථික සංවර්ධන අමාත්‍ය ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා අතින් යසෝදරාවියන් සඳහා බාස්කට් බෝල් පිටියක් සහ නවීන පරිඝණකයන්ගෙන් යුත් පරිඝණක තොරතුරු තාක්ශණික කුටියක් සහිත දෙමහල්ගොඩනැගිල්ලක් විවෘත වීමයි. මේ සඳහා ගම්පහ නගරාධිපති එරංග සේනානායක හා අත්තනගල්ල ප්‍රදේශීය සභාපති උපුල් මහේන්ද්‍ර රාජපක්ශ වැනි අමුත්තන් රැසක් සහභාගී වුනා.

ගම්පහ නිව්ස් අධ්‍යාපනික වාර්තාකරු.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි