Tuesday, June 25, 2013

"කාලේන ධම්ම සවනං" - ගුවන් විදුලි සංස්ථාවේදී
















60 දශකයේදී ගුවන් විදුලි ධර්ම දේශකයානන් වහන්සේ නමක් ලෙස පැමිණ, වර්තමානය දක්වාම, 
අති පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස අනුනාහිමියන් කරන මෙහෙවර ඇගයීමේ උත්සවයක් ලෙස, 
"කාලේන ධම්ම සවනං" උපහාර උළෙල, ජුනි 28 වැනිදා සවස 3ට, 
ගුවන් විදුලි සංස්ථාවේ ආනන්ද සමරකෝන් මැදිරියේදී පැවැත්වේ.

ඒ නිමිත්තෙන් උන් වහන්සේ විසින් දේශනා කළ ධර්ම දේශනා හතරක් ඇතුළත්, සංයුක්ත තැටි හතරක් දොරට වැඩීමද එදින සිදුකෙරේ.


  • දශරාජ ධර්මය
  • සීල සූත‍්‍රය
  • වනරෝපා සූත‍්‍රය
  • ධම්ම පදය - බාල වග්ගයට අයත් 3 වන ගාථාව

අනුනාහිමියන් සිදුකළ ධර්ම දේශනා මෙම සංයුක්ත තැටි වලට අයත්වේ


උන්වහන්සේගේ සේවය අගය කරමින් විශේෂ සමරුවක්ද පිරිනැමීමට කටයුතු කර ඇත.

අමරපුර සංඝ සභාවේ උත්තරීතර මහනාහිමියන්, රාමඥ්ඥ නිකායේ මහානාහිමියන්, මල්වතුපාර්ශවයේ අනුනාහිමියන්, ඇතුලූ 100කට අධික මහා සංඝරත්නයද මේ අවස්ථාවට සහභාගිවනු ඇත.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි