Friday, February 14, 2014

කොළඹ ෆාතිමා විද්‍යාලයේ නව ශ්‍රවණාගාරය ජනපති අතින් සිසු අයිතියට

he fathima school
කොළඹ ෆාතිමා මුස්ලිම් කාන්තා විද්‍යාලයේ නව ශ්‍රවණාගාරය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් ඊයේ (13) පස්වරුවේ දී සිසු අයිතියට පැවරිණි.
එහිදී ෆාතිමා විද්‍යාලයේ සිසුවියන් විසින් මුස්ලිම් චාරිත්‍රානුකූලය ජනාධිපතිතුමා පිළිගන්නා ලදී.
සමරු ඵලකය නිරාවරණය කරමින් නව ශ්‍රවණාගාරය සිසු අයිතියට පත්කිරීමෙන් අනතුරුව ජනාධිපතිතුමා  සිසු දැරියන් ඇමතීය. ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තිය සනිටුහන් කරමින් විදුහල්පතිනිය සමරු තිළිණයක් ජනාධිපතිතුමා වෙත පිරිගැන්වූවාය‍.
ජ්‍යේෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලෙවි මව්ලානා, හිටපු පළාත් සභා මන්ත්‍රී නවුසර් ෆවුසි, කොළඹ නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල්  යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද ශ්‍රවණාගාරය සඳහා මුදල් පරිත්‍යාග කළ සෑම් රිසායි හාජියාර් මහතා සහ විදුහල්පතිනි එච්.එන්. යුසුප් මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලය, දෙමාපියෝඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

he fathima school 1

he fathima school 2

he fathima school 4

he fathima school 4 5


© රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සියලු හිමිකම් ඇවිරිණි.
රජයේ නිල පුවත් වෙබ් අඩවියේ පළ කරන පුවත් හෝ විශේෂාංග ලිපි හෝ අන්තර්ගත කරුණු එහි අන්තර්ගතය වෙනස් කිරීමකින් තොර ව භාවිත කිරීමට අවසර ඇත. අපගේ බුද්ධිමය දේපොළ අයිතියට ගරු කරමින් එම පුවත් නැවත පළකරන හෝ විකාශය කරන සියලු මාධ්‍යවල රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් එම පුවත ලබාගත් බව සඳහන් කළ යුතු ය



0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි