Monday, October 5, 2015

කොත්මලේ සාහිත්‍ය උලෙළ දා


කොත්මලේ ඩෙල්ටා ගැමු­ණු­පුර විද්‍යා­ලයේ පසු­ගි­යදා පැවැති සාහිත්‍ය උලෙ­ළට මම ද සහ­භාගි වුණෙමි. ඒ මාහට ද ත්‍යාග හා සහ­ති­ක­පත් තිබූ බැවිනි. එදින මට ඉතා රස­වත්, අර්ථ­වත් දේශන කිහි­ප­ය­කට සව­න්දී­මට හැකි වුණි. විද්වත්හු රාශි­යක් එදින එම ‍උලෙළට සහ­භාගි වූහ. එතු­ම­න්ලාගේ දේශන ඇසූ මම ඉතා සතු­ටට පත් වුණෙමි. සාහිත්‍ය රස විඳ ගත්තෙමි. වැද­ගත් කරුණු ලියා ගතිමි.
ගැමුණු කුමරු රුහුණේ ඉපදී, කොත්ම­ලයේ හැඳී වැඩී, අනු­රා­ධ­පු­රයේ රජ කළ බව කොත්මලේ ප්‍රාදේ­ශීය ලේක­ම්තුමා තම දේශ­න­යේදී පැව­සුවේ ය. කොත්මලේ දී අනු­රා­ධ­පු­රයේ රජ කිරී­මට අවශ්‍ය පන්න­රය ලැබුණු බව ප්‍රකාශ කළ එතුමා කොත්මලේ පුර­ව­රය වාස­නා­වන්ත පරි­ස­ර­ය­කට හිමි­කම් කියන බව පැවැ­සුවේ ය. මේ දේශ­න­ව­ලින් මම මගේ ජීවි­ත­යට අවශ්‍ය බොහෝ දෑ ඉගෙන ගතිමි. මට මේ උලෙ­ළට සහ­භා­ගි­වී­මට හැකි­වූයේ ගද්‍ය රච­නා­ව­ලින් ප්‍රථම ස්ථානය ලද නිසා ය. මාහට මේ රච­නය ලිවී­මට අවශ්‍ය කරුණු සපයා දුන් මගේ පන්ති භාර ගුරු­තු­මිය වන ඔමාලි මධු­ශිකා ගුරු­තු­මි­ය­ටත්, මෙයට අවශ්‍ය පන්න­රය ලබා දෙමින් මාගේ ලිපි පළ කළ සිළු­මිණ ළමා පිටු­ව­ටත් මම තුති පුද කරමි.

ඒ.එච්. බුද්ධිකා සංජී­වනී
9 ශ්‍රේණිය ‘බී’,
හැදු­ණු­වැව මධ්‍ය මහා විද්‍යා­ලය,
හැදු­ණු­වැව.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි