Monday, June 1, 2015

අභය දානය

ලක්ෂිත හතර වසරේ ඉගෙ­නුම ලබන දරු­වෙකි. කුඩා කල සිටම සතුන්ට හිංසා කිරී­මට මොහු පුරුදු වී සිටි­යේය. ඔහුගේ මව ඒ පිළි­බඳ ඔහුට කෙත­රම් අව­වාද කළත් ඔහු ඒ පිළි­බඳ තැකී­මක් නොක­ළේය. ලක්ෂි­තගේ පියාට වෙනත් පළා­ත­කට රැකියා ස්ථාන­යෙන් මාරු­වක් ලැබිණි. ඉන්පසු ලක්ෂිත හා පවුලේ සැම මධ්‍යම පළාතේ පදිං­චි­යට ගියහ.

ලක්ෂි­තව ද නව පාස­ල­කට ඇතු­ළත් කළේය. එම පාසලේ පන්ති­යට ඇතු­ළත් වූ ලක්ෂි­තට එම පන්ති­යෙ­හිම ශිෂ්‍ය­යකු වූ කවී­ෂ­ගෙන් නොයෙක් ඇනු­ම්පද, ආදි නොයෙක් හිංසා විඳී­මට සිදු­විය. කිසිඳු ශිෂ්‍ය­යකු ලක්ෂිත සමඟ කතා කළේ නැත. මෙය ලක්ෂි­තට මහා හිස­ර­ද­ර­යක් විය. ලක්ෂිත මෙම ප්‍රශ්නය තම මවට පැව­සු­වේය. මව මෙය ලක්ෂි­තගේ පන්ති භාර ගුරු­තු­මි­යට පැව­සු­වාය.

එදා පන්තියේ පාඩම වූයේ මහි­න්දා­ග­ම­න­යයි. දෙවැ­නි­පෑ­තිස් රජු මුව දඩ­යම සඳහා ගොස් අනු­බුදු හිමි හෙවත් මිහිඳු මහ­ර­හ­තන් වහ­න්සේ­ගෙන් දහම් අසා තමන් කළ වරද තේරු­ම්ගෙන එය පිළි­ගත් ආකා­රය පන්ති භාර ගුරු­තු­මිය පහදා දුන්නාය. අන් අයට හිංසා කිරීම නරක පුරු­ද්දක් බවත් ගුරු­තු­මිය තව­දු­ර­ටත් පැහැ­දිලි කළාය. විවේක කාල­යේදී කවීෂ, ලක්ෂිත හමු වූවේය. කවීෂ ලක්ෂි­ත­ගෙන් සමාව ඉල්ලා සිටි අතර ලක්ෂිත ඔහුට සමාව දුන්නේය.

ගෙදර ගිය වහාම ලක්ෂිත සතුන්ට හිංසා නොක­රන බව කියා තම මවට පොරොන්දු වූයේය. කවීෂ ලක්ෂි­තගේ හොඳම මිතුරා වූ අතර පන්තියේ අනෙක් ශිෂ්‍යයෝ ද ඔහුගේ මිතුරෝ වූහ. ලක්ෂිත හා ඔහුගේ මිතු­රන්ගේ පවුලේ සැම එක්වී පොසොන් පොහොය නිමි­ත්තෙන් ගව­යෙ­කුට අභය දානය දීමට කට­යුතු පිළි­යෙල කළහ.


සහ­ස්රංග ගුණ­සේ­කර
9 ශ්‍රේණිය ‘බී’,
සුභා­රතී මහා­මාත්‍ය මහා විද්‍යා­ලය,
ගොඩ­ගම

http://www.silumina.lk/2015/05/31/

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි