Monday, June 1, 2015

''තිරසර භාවිතය-සුරකියි මිහිතල ''

Aworld-environment-day-2013

''තිරසර භාවිතය-සුරකියි මිහිතල '' යන තේමාව යටතේ පැවැත්වෙන 2015 වසර ''ලෝක පරිසර දින සැමරුම් ජාතික උත්සවය '' ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජුනි 05 දින පෙ.ව. 9.30ට පොළොන්නරුව, මැදිරිගිරිය වටදාගෙය පූජා භූමියේ දී පැවැත්වීමට නියමිතය.
 
පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යාංශය හා අදාළ ආයතන එක්ව සංවිධානය කරන මෙම ජාතික උත්සවය සඳහා පරිසර නියමුවන් 500ක් සහභාගී වන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. ජාතික උත්සවයට සමගාමීව මධ්‍යම පරිසර අධිකාරිය වැඩසටහන් රැසක් ක්‍රියාවට නැංවීමට නියමිතය.
 
ඒ අනුව ජුනි 01 දින සිට 03 දින දක්වා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පරිසර නියමු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට  නියමිතය. පාසල් 67ක් මේ වැඩසටහන සමඟ ඒකාබද්ධ වෙයි.
 
රුක් රෝපණ වැඩසටහන, ඔසු උයන් වගාව, වන වගාව, සහ කසළ කලමනාකරණ වැඩසටහන ක්‍රියාත්මක වෙයි. මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා එක් පාසලකට රුපියල් 5000ක් ලබාදීමට ද නියමිත බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.


http://sinhala.news.lk/news/world-2/item/11584-2015

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි