Tuesday, May 7, 2013

පාසල් සිසුන්ගෙන් කිසිම විටෙක මුදල් අය කරන්නේ නැහැ


පාසල් සිසුන්ගෙන් කිසිම විටෙක මුදල් අයකිරීමක් සිදු කෙරෙන්නේ නැහැ. මුදල් අයකිරීමක් ගැන මහජනතාව පැමිණිලි කළොත් ඒ පිළිබඳ ව ක්ෂණික ව අවශ්‍ය පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

mp bandula gunawardana
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ  පාර්ලිමේන්තුවේ දී ජවිපේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා මතු කළ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

කිසිදු දරුවෙකුට මුදල් ගෙවීම අවශ්‍ය නැහැ. ඒ ගැන චක්‍රලේඛයක් තිබෙනවා. දරුවන් ‍උසස් පෙළට ඇතුළත් කරන්න දෙමාපියන් කිසිදු මුදලක් ගෙවිය යුතු නැහැ. එසේ මුදලක් ගෙවිය යුතු නම් අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

NDH/DB
http://sinhala.news.lk/news/2011-09-14-04-26-45/10691-2013-05-07-11-12-12

© රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සියලු හිමිකම් ඇවිරිණි.
රජයේ නිල පුවත් වෙබ් අඩවියේ පළ කරන පුවත් හෝ විශේෂාංග ලිපි හෝ අන්තර්ගත කරුණු එහි අන්තර්ගතය වෙනස් කිරීමකින් තොර ව භාවිත කිරීමට අවසර ඇත. අපගේ බුද්ධිමය දේපොළ අයිතියට ගරු කරමින් එම පුවත් නැවත පළකරන හෝ විකාශය කරන සියලු මාධ්‍යවල රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් එම පුවත ලබාගත් බව සඳහන් කළ යුතු ය.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි