Friday, May 3, 2013

නැණස රූපවාහිනිය ඔස්සේ උතුරට අධ්‍යාපනික වැඩසටහන් ඇ‍රඹේ


badula gunawardana 2
අධ්‍යාපන අවස්ථාව පුළුල් කිරීමේ එක් අදියරක් වශයෙන් නැණස රූපවාහිනිය යොදා ගැනීමේ වැඩපිළිවෙළ යටතේ උතුරු පළාත සඳහා නැණස රූපවාහිනී යන්ත්‍ර බෙදාදීමේ උත්සවය අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) අද පෙරවරු 7.00ට යාපනයේ කෝපායී ජාතික අධ්‍යාපන ශාලාවේදී පැවැත්වේ.

මෙහිදී උතුරු පළාතේ සියලුම අධ්‍යාපන කෝට්ඨාස ආවරණය වන පරිදි නැණස රූපවාහිනී යන්ත්‍ර ලබාදීම විශේෂත්වයක් බව අමාත්‍යවරයා  පැවසීය.

ඒ අනුව ද්විතීක පාසල් 1000ක් ප්‍රතිනිර්මාණය කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන පාසල් 66ක් සඳහා මෙම රූපවාහිනී යන්ත්‍ර බෙදාදීම සිදු වන බව සඳහන් කරන අමාත්‍යවරයා මෙම ව්‍යාපෘතියේ 4 වැනි අදියර උතුරු පළාතේ ක්‍රියාත්මක කිරීම තුළින් උතුරේ අධ්‍යාපනයට ද නව මං විවර වන බව ද සඳහන් කළේය.


දුරස්ථ අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම, විවිධ ඉගැන්වීම් පිළිබඳ සිසුන්ට අධ්‍යයනය කිරීමට අවස්ථාව ලැබීම හා තම අධ්‍යාපනයේ ඉදිරි ගමන පිළිබඳ දැනුවත් වීම, වැනි අරමුණු මෙම ව්‍යාපෘතිය තුළින් සිදු වන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ජාතික අධ්‍යාපන ඉහළ නැංවීම සඳහා විවිධ දක්ෂතා ඇති ගුරුවරුන් තෝරා ගන සෑම විෂයකටම අදාළ අධ්‍යාපනික වැඩසටහන් නැණස රූපවාහිනිය ඔස්සේ විකාශනය කෙරේ. ජාතික අධ්‍යාපනික ආයතනය හරහා මෙම අධ්‍යාපන වැඩසටහන් සකස් කිරීම සිදු වේ.

දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ද පාසල් කිහිපයකම නැණස රූපවාහිනී වැසටහන් සාර්ථකව ක්‍රියාත්මක වේ. විශේෂයෙන් ග්‍රාමීය දරුවන්ගේ අධ්‍යාපනය ඉහළ මට්ටමට ගෙන ඒම සඳහා මෙම ව්‍යාපෘතිය තුළින් අවස්ථාව සැලසේ.


මේ තුළින් දරුවන්ට ස්වාධීනව තම ඉගෙනුම් කටයුතු කර ගත හැකි අතර තම හැකියාව හා ලැදියාව මත තමන්ට ගැලපෙන ක්ෂේත්‍ර තෝරා ගැනීමට ද අවශ්‍ය තොරතුරු සම්පාදනය කර ගැනීමට ද අවස්ථාව ලැබෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

SMB 
© රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සියලු හිමිකම් ඇවිරිණි.
රජයේ නිල පුවත් වෙබ් අඩවියේ පළ කරන පුවත් හෝ විශේෂාංග ලිපි හෝ අන්තර්ගත කරුණු එහි අන්තර්ගතය වෙනස් කිරීමකින් තොර ව භාවිත කිරීමට අවසර ඇත. අපගේ බුද්ධිමය දේපොළ අයිතියට ගරු කරමින් එම පුවත් නැවත පළකරන හෝ විකාශය කරන සියලු මාධ්‍යවල රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් එම පුවත ලබාගත් බව සඳහන් කළ යුතු ය.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි