Tuesday, May 7, 2013

ගම්පහ තක්ෂිලා මහ විදුහලට ක්‍රීඩා පිටියක් දෙන්නේ නැද්ද


ගම්පහ තක්ෂිලා මහ විදුහලට ක්‍රීඩා පිටියක් දෙන්නේ නැද්ද

යාබද ඉඩමක් තිබුණත් ඒකේ රියැදුරු පුහුණුව
ගම්පහ පොලිසිය ආසන්නයේ පිහිටා ඇති තක්ෂිලා මහා විද්‍යාලයට ක්‍රීඩා පිටියක් නොමැතිව බරපතළ ගැටලුවක්ව පවතී.

මෙම විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ක්‍රිකට් , අත්පන්දු , පැසිපන්දු ආදී ක්‍රීඩා ඉසව් සඳහා දිනපතා පුහුණු වීමට විද්‍යාලය සතුව ක්‍රීඩා පිටියක් නොමැතිකම වසර ගණනාක් තිස්සේ පවතින ගැටලුවකි.

ශ්‍රී බෝධි පාරේ නව පොලිස් ස්ථානයට යාබදව හිස් ඉඩමක් ඇති අතර එම ස්ථානයේ මේ වනවිට රියදුරු පුහුණු වීම් සඳහා භාවිතා කෙරේ .

ශ්‍රී බෝධි ක්‍රීඩා පිටිය ක්‍රීඩා අමාත්‍යාංශය සතුව පවතින්නක් බැවින් එම ක්‍රීඩා පිටිය තක්ෂිලා විද්‍යාලයට භාවිතා කළ හැක්කේද , වාර්ෂික ජවන හා පිටිය නිවාසාන්තර ක්‍රීඩා තරගයකට අවසර ලබා ගැනීමෙන් පමණි.

ගම්පහ තක්ෂිලා විද්‍යාලයේ ඉතා දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයින්ද පැසි පන්දු ක්‍රීඩිකාවන් ද සිටින අතර ජවන හා පිටිය මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ද රාශියකි.

ඔවුන්ට ඔවුන්ගේ ක්‍රීඩා කෞශල්‍යයන් ප්‍රගුණ කර ගැනීමට ක්‍රීඩා පිටියක් ලබා දෙන ලෙස පාසලේ දූ දරුවන්ගේ දෙමාපියන් ආදාළ බලධාරීන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිති.
සුන්දර ගම්පහ වැඩ පිළිවෙළ යටතේ මෙම විද්‍යාලයේ ඉගෙනුම ලබන දූ දරුවන් ගේ ක්‍රීඩා කෞශල්‍යයන් දියුණු කර ගැනිමට අත හිත දීම ගම්පහට ආශිර්වාදයක් වනු ඇත.

ගම්පහ සංචාරක – නිමල් ජයසිංහ

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි