Tuesday, May 7, 2013

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලීය ත්‍යාග ප්‍රදානය ජනපති අතින්


he annual price giving ambalangoda darmasoka
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලීය වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය  ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලයේ දී පැවැත්විණි.
 
එහිදී පසුගිය වසරවල විශිෂ්ට දක්ෂතා දැක් වූ සිසුන් 23දෙනෙකු සඳහා ත්‍යාග ප්‍රදානය කිරීම ජනාධිපතිතුමා අතින් සිදුවිය.
 
විදුහල්පති එම්.ජී. පණ්ඩිතරත්න මහතා විසින් එහිදී ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් ද පිරිනැමූ අතර විද්‍යාලයේ සිසු දරුවන් සමඟ සුහද කතාබහක ද ජනාධිපතිතුමා නිරත විය.
 
අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා, නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි, අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී මොහාන් ලාල් ගේරු, දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිම රාසපුත්‍ර, පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහත්වරුන් දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.
 
DB

he annual price giving ambalangoda darmasoka 1

he annual price giving ambalangoda darmasoka 2

he annual price giving ambalangoda darmasoka 4

he annual price giving ambalangoda darmasoka 5


© රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සියලු හිමිකම් ඇවිරිණි.
රජයේ නිල පුවත් වෙබ් අඩවියේ පළ කරන පුවත් හෝ විශේෂාංග ලිපි හෝ අන්තර්ගත කරුණු එහි අන්තර්ගතය වෙනස් කිරීමකින් තොර ව භාවිත කිරීමට අවසර ඇත. අපගේ බුද්ධිමය දේපොළ අයිතියට ගරු කරමින් එම පුවත් නැවත පළකරන හෝ විකාශය කරන සියලු මාධ්‍යවල රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් එම පුවත ලබාගත් බව සඳහන් කළ යුතු ය.

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි