Saturday, May 4, 2013

රැපියෙල් තෙන්නකෝන් මහතාගේ නිවෙස සුසර ශබ්දාගාරය වේ‍


රැපියෙල් තෙන්නකෝන් මහතාගේ නිවෙස සුසර ශබ්දාගාරය වේ‍

කිවිසුරු රැපියෙල් තෙන්නකෝන් මහතා ජීවත් වූ නිවෙස ‘රැපියෙල් තෙන්නකෝන් සමරු ශබ්දාගාරය’ (සුසර ශබ්දාගාරය) ලෙස නිමවා තිබේ.
දැයේ දූ දරුවන්ගේ රසඥතාවය වර්ධනය වන සුන්දර ළමා ගීත, දේශාභිමාන ගී, දේශීය නැටුම් කලාව සදහා සුන්දර වාදිත නිෂ්පාදනය වන ශබ්දාගාරයක් වන මෙය කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ 13 වන සැතපුම් කණුවට නුදුරින් පැරකුම්දෙනිය ගම්මානයේ පිහිටා ඇත.
එහි අද ශේෂව පවතින මැද මිදුල කෑම කාමරය හා මුළුතැන්ගෙවල් දෙක අද මෙලෙස ශබ්දාගාරයක් ලෙස නිමකර තිබේ.
කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් බිහි වූ සංගීතවේදියෙකු වන කිත්සිළු වික්‍රමසිංහ මෙම ශබ්දාගාරයේ අධිපතීත්වය උසුලන අතර ඔහු රැපියෙල් තෙන්නකෝන් මහතාගේ මුණුපුරෙකි.
ලෝකයේ වැඩිම ගණනක් කවි ලියා ගිනස් වාර්තාවකට හිමිකම් දැක්වූ රැපියෙල් තෙන්නකෝන් මහතාට ඒ වෙනුවෙන් මුනිදාස කුමාරතුංගයන් විසින් ‘කිවිසුරු’ යන ගෞරව නාමය ප්‍රධානය කරන ලදී.
වවුළුව, ගමායනය, සක්ව පුබුදුව, රුප්පේ අන්දරය එතුමා ලියූ කෘති අතුරින් කිහිපයකි.

වැඩි විස්තර www.kithsiludhanaja.com වෙබ් අඩවියෙන්.






යතේජා - ඡායා - මාලන්
http://www.sarasaviya.lk/2013/05/02/?fn=sa1305023

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි