Monday, June 17, 2013

අධ්‍යාපන අමාත්‍යාංශයේ ජාතික මහා පොත් ප්‍රදර්ශනය හා සල්පිල විවෘත වේ


 
education pass book 2
අධ්‍යාපන අමාත්‍යාංශයේ ජාතික මහා පොත් ප්‍රදර්ශනය හා සල්පිල අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අතින් අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී අද (17) පෙරවරුවේ විවෘත කෙරිණ.
education pass book

පස්වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය, අ.පො.ස (සා.පෙළ) හා අ.පො.ස (උසස් පෙළ) විභාග සඳහා අත්වැලක් ලෙස වාර්ෂිකව මෙම පොත් ප්‍රදර්ශනය හා සල්පිල පැවැත්වීමට කටයුතු කරන බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.


පෙළපොත් දැනුමෙන් ඔබ්බට දැනුම පරාසයක් වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙම ප්‍රදර්ශනය පැවැත්වෙන බවත් මෙම සතිය තුළ ශ්‍රී ලංකාවේ ඉගෙනුම්, ඉගැන්වීම් සඳහා වඩාත් වැදගත් වන සතියක් බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙහි සෑම මිලදී ගැනීමක් සඳහා ම වට්ටම් ලැබෙන අතර දැනුම පදනම් කර ගත් සංවර්ධනයේ කොටස්කරුවන් ලෙස මේ සඳහා දායක වන සියලු දෙනා එක්වන බවයි. 

අද (17) සිට ලබන 22 වැනි දා දක්වා අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී මෙම පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන සෑම දිනකම පෙරවරු 9.00 සිට පස්වරු 7.00 දක්වා මහජනතාවට විවෘතව තැබෙන බවත් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයක් අනුව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් මෙය සංවිධානය කරන ලදී.
අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවට අමතරව දිවයිනේ ප්‍රසිද්ධ පොත් ප්‍රකාශන ආයතන 60කට වැඩි සංඛ්‍යාවක් මෙම පොත් ප්‍රදර්ශනයට එක් වේ. ශ්‍රව්‍ය දෘෂ්‍ය CD/VCD තැටි ඇතුළු නොයෙක් ඉගෙනුම් ආධාරක ද සහන මිලකට විශේෂ වට්ටම් ද සහිතව ලබා ගැනීමට හැකි බව අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් තිස්ස හේවාවිතාන මහතා සඳහන් කරයි.
ජාතික අධ්‍යාපන ආයතනය යුනෙස්කෝ ආයතනය සමඟ එක්ව සකස් කළ අඩු වියදම් විද්‍යා උපකරණ තැනීමේ ව්‍යාපෘතියට අදාළ සකස් කළ පුහුණු අත්පොත් එළි දැක්වීම ද‍ මෙහිදී සිදු විය.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය ජයරත්න මහතා, විභාග කොමාසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් අබේරත්න බණ්ඩාර මහතා, යුනෙස්කෝ දකුණු ආසියුනු  කලාපයේ අධ්‍යක්ෂ ෂිගේරෝ ඔයාගී (Mr.Shigero Aoyagi)මහතා,  පාසල් නියෝජනය කරමින් විදුහල්පතිවරුන්, ගුරුවරුන් පාසල් සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

SMB  
education pass book 2 
 
© රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සියලු හිමිකම් ඇවිරිණි.
රජයේ නිල පුවත් වෙබ් අඩවියේ පළ කරන පුවත් හෝ විශේෂාංග ලිපි හෝ අන්තර්ගත කරුණු එහි අන්තර්ගතය වෙනස් කිරීමකින් තොර ව භාවිත කිරීමට අවසර ඇත. අපගේ බුද්ධිමය දේපොළ අයිතියට ගරු කරමින් එම පුවත් නැවත පළකරන හෝ විකාශය කරන සියලු මාධ්‍යවල රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් එම පුවත ලබාගත් බව සඳහන් කළ යුතු ය.
 

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි