Thursday, June 6, 2013

ජීව විද්‍යාව - රසායන විද්‍යාව පරණ විෂය කොටස්‌ මෙවර විභාගයට නැහැ

ජීව විද්‍යාව - රසායන විද්‍යාව පරණ විෂය කොටස්‌ මෙවර විභාගයට නැහැ

A/L Sheshani Dilupamala Gunathilake Commerce Island First Devi Balika



පසුගිය වසර දෙකේදී උසස්‌ පෙළ රසායන විද්‍යාව හා ජීව විද්‍යාව යන විෂයයන්වල ඉවත් කරන ලද කොටස්‌ මෙවර (2013) විභාගයේදී ද ඉවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

එම කොටස්‌ ඉවත් කරන බව සියලුම විදුහල්පතිවරුන්ට මේ වන විට චක්‍රලේඛයක්‌ මගින් දැනුම් දී තිබේ.

එම විෂයයන් දෙකේ විෂය කොටස්‌ 2011 සහ 2012 වසරවල උසස්‌ පෙළ විභාගයෙන් ඉවත් කරන බව අධ්‍යාපන අමාත්‍යංශයේ හිටපු ලේකම් එච්. එම්. ගුණසේකර මහතා නිකුත් කළ චක්‍රලේඛයක සඳහන් වූ අතර මෙම වසරේදී යළි එම විෂය කොටස්‌ විභාගයට ඇතුළත් කෙරෙන බවද එහි සඳහන් විය.

පසුගිය වසර දෙකේදීම එම විෂය කොටස්‌ අධ්‍යයනය නොකළ හෙයින් මෙවර දෙවැනි හා තෙවැනි වරට විභාගයට පෙනී සිටින සිසුන්ට දැඩි අසාධාරණයක්‌ සිදුවන බව මාධ්‍ය මගින් වාර්තා කෙරිණි. ඒ අතර එම සිසුන් තමන්ගේ අපහසුතාව සම්බන්ධයෙන් අමාත්‍යාංශයද දැනුවත් කර තිබිණි.

එම කොටස්‌ මෙවරද ඉවත් කිරීමට අමාත්‍යාංශය පියවර ගෙන ඇත්තේ ඒ පිළිබඳව අවධානය යොමු කරමිනි.


 නිලන්ත මදුරාවල


Source - Divayina - http://www.divaina.com/2013/06/06/news33.html

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි