Tuesday, June 25, 2013

අකුරට යන්නට පොලිසියෙන් තල්ලුවක්


Police-saport1පාසල් යා යුතු වයසේ පසුවන නමුත් පාසල් නොයන ළමුන් නැවතත් පාසල් වෙත යොමු කිරීමේ වැඩ සටහනක් හලාවත පොලිස් අධිකාරී කාර්යලය විසින් ආරම්භ කර ඇත.හලාවත කොට්ඨාශ බාර පොලිස් අධිකාරී සාලිය සිල්වා මහතාගේ අදහසක් අනුව කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය විසින් මෙම වැඩ සටහන දියත් කර ඇත. ඒ අනුව ආර්ථික දරිද්‍රතාවයෙන් පෙළෙන දරුවන් වෙනුවෙන් පාසල් පොත් පත්,උපකරණ සහ නිළ ඇදුම් කට්ටල බෙදා දීමේ වැඩසටහනක් පසුගියදා හලාවත පොලිස් අධිකාරී කාර්යාලයේදී සිදුවිය. මෙම වැඩ සටහන සදහා දායකත්වය ලබා දී ඇති ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ පුත්තලම ශාඛාවේ සභාපති චාල්ස් කොරයා මහතා විසින් දරුවෙකුට පාසල් පොත් පත් උපකරණ ඇතුළු කට්ටලටය ලබා දුන් ආකාරය ඡායාරූපයේ වේ.
Police-saport2හලාවත කොට්ඨාශ බාර පොලිස් අධිකාරී සාලිය සිල්වා,ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ පුත්තලම ශාඛාවේ උප සභාපති නස්රීන් මරික්කාර්,හලාවත කොට්ඨාශයේ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි සුභාෂිණී හේරත් යන මහත්මා මහත්මීන්ද ඡායාරූපයේ වේ.
ජුඩ් සමන්ත

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි