Sunday, June 30, 2013

බාලදක්ෂයා...!!!




බාලදක්ෂයා විශ්වාස කටයුතු අයෙකි.
බාලදක්ෂයා විසින් කළ යුතු වු සියළුම කාර්යයන් හිදී ඔහු කෙරෙහි විශ්වාසය තැබිය හැකිය. ඔහු සත්‍යය කථා කරන අතර වංක භාවය බැහැර කරයි. ඔහු විසින් කිරීමට භාර ගෙන ඇති කාර්යයන් තමාට හැකි ශක්තියෙන් කරන බවට විශ්වාස තැබිය හැක. ඔහුට වගකීම් භාර දිය හැක.


බාලදක්ෂයා පක්ෂපාති අයෙකි.
බාලදක්ෂයා ඔහුගේ ආගමට පක්ෂපාති අයෙකි. ඔහුගේ රටට මෙන්ම ව්‍යවස්ථාපිත අධිකාරියටද ඔහුගේ දෙමව්පියන්, ගුරුවරුන්, සේවා යෝජකයන් හා මිත්‍රයින්ට ද, තම පාසැලට ද, බාලදක්ෂ ගණයට ද, කාණ්ඩ නායකයා ඇතුළු බාලදක්ෂ නායකයින්ට ද තමා යටතේ සිටින අයට ද පක්ෂපාති අයෙකි.


බාලදක්ෂයා  හිතෛෂීය. කාරුණිකය.
බාලදක්ෂයා ධනවත් හෝ දුප්පත්, උසස් හෝ පහත්, තරුණ හෝ මහළු, වරප්‍රසාද ලත් හෝ අවාසනාවත් සියළු දෙනා වෙත ම, තමා මිත්‍රත්වය පතුරවයි. ඔහු කිසි විටෙක බොරු අහංකාරයෙන් යුතු අයෙක් නොවේ. ඔහුගේ මිත්‍රත්වය නිසා අන්‍යයන් කෙරෙහි සැලකිලිමත්වීම යන්නෙන් අන්‍යයන්ට උපකාරීවීම හා ආචාරශීලීවීම අදහස් කෙරේ. ඔහු අනුන්ගේ හැගීම් වලට ගරු කරයි. අනෙක් තැනැත්තාගේ අදහස් අගේ කරන අතර ඔහුගේ ඇදහීම් හා විශ්වාස ගරු කරයි. ඔහු ඉක්මනින් තීරණ නොගන්නා අතර අනෙක් අය හෙළා නොදකියි. අනුන්ට අනුකම්පා කරන අතර ඔවුන් ඉවසන සුලු වෙයි.
  
බාලදක්ෂයා හැම බාලදක්ෂයෙකුගේ ම සහෝදරයෙකි.
අනෙක් බාලදක්ෂයෙකු කුමන රටකට, පන්තියකට හෝ ගෝත්‍රයකට හෝ වර්ණයකට අයත් වුවත් තමන් හා ඔහු අතර වෙනසක් නොදක්වයි. මෙයින් ලෝකයේ සියළුම බාලදක්ෂයින් එකම සහෝදරත්වයෙන් බැදෙන අතර ලෝකයේ අනෙක් ජාතීන් අතර සාමය පැතිරවීමට සහාය වීමෙහි ලා වඩාත් හොඳ අවබෝධයක් ගොඩනගා ගැනීමට හැකි වේ.  

බාලදක්ෂයා ධෛර්යය  සම්පන්නය.
බාලදක්ෂයා තමන්ට සියළුම දුෂ්කරතාවයන් තමන්ට අභිභවනය කළහැකිය යන විශ්වාසයෙන් හා අධිෂ්ඨානයෙන් යුතුව මුහුණ දෙයි. ඔහු බියසුලු ගතියෙන් ඉවත්ව නොයන අතර නිර්භීතව තමාගේ පිළිගැනීම සනාථ කරයි. ඔහු පෙළඹවීම් වලින්, අයහපත් දෙයින් හා පාප මිත්‍රයන්ගෙන් වෙන්වීමට තරම් ධෛර්යය සම්පන්න අයෙකි. තමාගේ සේවාවන් හා වගකීම් ගෙන යාමට තරම් ඔහු ධෛ යා සම්පන්න වෙයි. ඔහු තමාගේ වගකීම් පහර නොහරියි. වගකීම් භාරගැනීමට බිය නොවෙයි.

බාලදක්ෂයා සත්ව කරුණාව ඇත්තෙකි.
බාලදක්ෂයා වේදනාවට හා අන්තරායයන්ට භාජනය වී සිටින සතුන් බේරා ගනියි. ආහාර පාන දීමෙන් සාත්තු කරයි. විනෝදය හෝ පුහුණුව සඳහාවත් සතෙකු වෙත තුවක්කුවක් වැනි ආයුධයක් එල්ල නොකරයි.

  
බාලදක්ෂයා සහයෝගයෙන් ක්‍රියා කරන්නෙකි.
බාලදක්ෂයා යහපත කරමින් ඉදිරියට යන අතර ම අනුන් සඳහා අනෙක් අය හා අතිනත බැදගෙන සේවය කරයි. ඔහු තමාට පමණක් ගෞරවය ලබා  ගැනීමට යත්න නොදරයි. එහෙත් පොදු යහපත සඳහා අනෙක් අය සමග තමාගේ අදහස් හා දක්ෂතාවන් බෙදා ගනියි.බාලදක්ෂයා අනෙක් අයගේ හොඳ යෝජනා හා අදහස් පිළිගැනීමටත් සියළු දෙනාගේ ම යහපත සඳහා තම අදහස් සකස් කර ගැනීමටත් සූදානම්ව සිටියි.

බාලදක්ෂයා සොම්නස් සහගත පුද්ගලයෙකි.
සොම්නස් බව ප්‍රීතිය නිසා ඇති වන්නකි. එය බලාපොරොත්තු කඩවීමක් හෝ ශෝකයක් අධිෂ්ඨානයෙන් යුතුව විඳ දරා ගැනීමද වන්නට පුළුවන. එය සමහර විට සිනාසෙමින් හා උරුවම් බාමින් තමන් කිසිවක් ගණන් නොගන්නා බව හඟවන ආකල්පයක් නොව සැබැවින් ම සොම්නස් සහගත වන අතර ම තමා යන එන සියළු තන්හි ම ද, සියළුම තත්ත්වයන් යටතේ ද, සොම්නස පතුරවයි.

බාලදක්ෂයා සකසුරුවම් අයෙකි.
බාලදක්ෂයා තමා කරන සෑම දෙයක දීම ප්‍රවේසම් සහිත වන අතර නාස්ති කිරීමෙන් වළකියි. අමාරු කාලයක් සඳහා මුදල් ඉතිරි කරයි. අනෙක් අයට බරක් නොවීමට උත්සාහ කරන අතර තමාගේ ඉතිරි කිරීම් වලින් අන්‍යයන්ට අවශ්‍ය වූ විට දෙයි. ඔහු සකසුරුවම් වන්නේ මුදල් සම්බන්ධයෙන් පමණක් නොවේ. තමාගේ මෙන්ම අන්‍යයන්ගේ ද පොත් පත් ඇඳුම් පැළඳුම් පිළිබඳව ද ප්‍රවේශමෙන් කටයුතු කරයි. ඔහු තමාගේ කාලය මෙන් ම ශ්‍රමය ද අපතේ නොයවා තමන්ට ඇති දෙයින් උපරිම ප්‍රයෝජනය ගනියි. ඔහු පොදු උපයෝගීතාවන්ගේ හා සේවාවන්ගේ ආරක්ෂාව ද සංරක්ෂණය හා සංස්ථිතිය සඳහා ද සහයෝගය දෙයි. ඔහු විනාශකාරී ක්‍රියා වළක්වයි.

බාලදක්ෂයා සිත කය හා වචනයෙන් පිරිසිදු අයෙකි.
බාලදක්ෂයා දූෂිත සිතුම් වලින් වළකියි. අසත්‍ය කථා නොකරයි. අශෝභන සාකච්ඡා වලට සහභාගි නොවෙයි. අශික්ෂිත කටයුතුවලට නො යෙදෙයි. තමාගේ මනස පවිත්‍රව තබා ගන්නා ඔහු මානුෂික දෘෂ්ට් පථය ඇත්තෙකි.        


බාලදක්ෂ විශය නිර්දේශය - සාමාජික පදක්කම

(වයස අවුරුදු 11 පසු)

කැපකරය "ඒ"

01.බාලදක්ෂ පොරොන්දුව හ නිතිය
බාලදක්ෂ පොරොන්දුව හා නිතිය දැනගැනීම,අවබෝද කරගැනීම හා පිලිපදීම.

02.බාලදක්ෂ අචාරය හා සලකුණ.
ඒව පාවිචිච්කරන අවස්ථා හා අකාරයත් ,එහි තේරුම දැන සිටිමත්.

03.බාලදක්ෂ වියාපාරයේ නිර්මතෘවරයා.
බේඩන් පවල් සාමි තුමා සහා ලෝක බාලදක්ෂ කටයුය්තු සංවර්දනය ගැන දැන සීටීම.

04.ශ්‍රී ලංකා බලදක්ෂ සංවිධානය.
ශ්‍රී ලංකා බලදක්ෂ කටයුතු පිලිබද ඉතිහසය දැන සීටීම.

05පෞද්ගලික ලෝග් පොත.
මෙය ආරම්භකීරීම හා පවත්වගෙන යැම.

06.ලෝක බාලදක්ෂ සංවිධාන්යේ සාමාජිකත්වය.
මේ සදහා වර්ෂික සාමාජිකත්වය ලබා ගැනීම පිනිස සාමාජික ගාස්තු ගෙවීමට ඇතිබව දැන සීටීම.

07.ඉතිරි කිරිමේ ගිණුම.
ඉතිරි කිරිමේ ගිණුමක අරම්භ කීරිම.


සංස්කෘතිය "බි"

08.ජාතික කොඩිය.
එහි සැකැස්ම හා ඉතිහාසය ,ජාතික කොඩියෙන් කියවෙන පනිවිඩය දැන සීටීම.

09.ජාතික ගීය.
ජාතික ගීය සම්පුර්ණයෙන් දැන සීටීම,සමුහයක් සමග ගයනා කීරීමට හැකිවීම හා ඒහි නිර්මතෘවරයා දැන සිටීම.

බාලදක්ෂ ශිල්පය "සී"
10.ගැට
පහත සදහන් ගැට යෙදීමට හැකීවීම

පිරිමි ගැටය,රුවල් ගැටය,කොස්පට්ටාගැටය,ජීවිතාරක්ෂක ගැටය,වටයක් පටලැවු වලලු දෙකේ ගැටය හා කඹකොට කීරීමෙ ගැටය.

11. ලණු අඟ වේලීම
ලණුවක් අඟ වෘතාකාරව වේලීමට ඉගන ගැනීම(සරළ ලණු අග වෙලීම)

12.කාණ්ඩ ක්‍රියකාරකම්

කාන්ඩ ක්‍රියාකාරකම් වලට සහාභගී වී තිබිම.කාන්ඩනායකයගේ මාර්ගෝඋපදේශකත්වය යටතේ කන්ඩ ක්‍රියාකරකම් සංවීධානය කොට කාන්ඩය විසින් ක්‍රියත්මක කිරීම.

අහාර පිසිම,ඡායරූප ගැනීම,පුරෝගාමි වැඩ,පුස්තකාල වැඩ,පරිගනක වැඩසටහන්,
ඉලේක්ට්‍රොනික් තාක්ශණය,ගෙවතු වගාව,මල්ලවපොර,ලම්පු හා උදුන් අළුත්වැඩියාව, යන ආදිය නිදසුන් ලෙස දැක්විය හැකිය.

"සෞඛය ඩී"
13.පෞද්ගලික සෞඛය පුරුදු
සරළ සනීපාරකෂක නීතී රීති දැන සීටීම සහා ඒවා පිළිපදිම.

14.බෙහේත දැමීම.
සුඑ තුවාල පිරිසිදුකිරිම හා බෙහේත් දැමීම පිලිබදව දැන සීටීම.

15.ඉරියව්.
සිටගැනීම,වාඩිවිම,හා ඇවිදිම පිලිබදව නිවැරදිලෙස ඉරියව් දැන සිටිම.

16.විධානයන්.
සීරුවෙන හා පහසුවෙන් සිටීම,වමට දකුණට හැරීම,කල් බැලීම,නැවතිම,විධානයන්ට අනුව ක්‍රමවත්ව කිරිමට හැකිවීම.

17.සංඥා.
නලා හා හස්ත සංඥා දැන සීටීම(බාලදක්ෂ ලොග් පොතෙ දැක්වෙන පරිදි).

18.ප්‍රජ සෞඛය.
දුම් බීම,මත්පැන්,මත් ද්‍රවය පාවිචිචිය,බුලත් විට කෑම අදියෙන් ඇතිවන විපක දැන සිටීම.

සමාජය "ඊ"

19.අවට ප්‍රදේශය ගැන අවබෝධය
තමාගේ(නවකයගේ)නිවස අවට ප්‍රදේශය ගැන අවබෝදය,එමප්‍රදේශයේ ඇති වැදගත් ගොඩනැගිලි,බස් රිය,දුම්රිය නැවතුම,රෝහල,දිස්පෙන්සරිය,ගිණි නිවන සමුදා ස්ථානය,උදයානය,ක්‍රිඩ භුමී,පාසල්.වැව්,ගොවිපල,පළතුරු උයන්,නාන් ස්තාන,කම්හල්,ආගමික ස්ථාන ආදිය දැන සිටිම.

20.දුරකථන් පව්ච්ච් කිරිම
නිවසේදි,ලගම ඇති තැපැල් කර්යාලයේදි,දුරකථන කුටියකදි,දුරකතනයක් භවිතකිරිමට දැනසිටිම.

ගවේශනය "එෆ්"

21.එලිමහන් ක්‍රියකරකම්
කාණඩයක් හෝ කණ්ඩායම්ක් විසීන් සංවිධානය කල එලිමහන් ක්‍රියාකාරකමක්ට සම්බන්දවීම
නිදසුන්:පාගමන්,පාපැදි විනෝද ගමන්,නිදන් සේවිමෙ ක්‍රිඩව,බාධක ගවෙශනය,ස්ථන සොයාබැලිම්,ඔරුපැදිම කදු නැගීම ආදි වේ.

ප්‍රවීනත පදක්කම් නෝමැත.

සේවය

මාස දෙකක සේවය(කණ්ඩායමට බැදුනු දින සිට)

සුදුසුකම්

අ. නවකයකු බාලදක්ෂයකු ලෙස ඇතුලත් කිරිමට ඉහත සදහන් අවශය තාවයන්සම්පුර්ණ කර තිබිය යුතු අතර වයස අවු.11 මාස 02 ක් වත් විය යුතුය.

ආ.පෝතක බාලදක්ෂයෙක් සම්බන්දිකරන් පදක්කම හෝ සම්බ්න්ධිකරන් ප්‍රදාන්ය හෝ දින ඇත්නම් බලදක්ෂ කණ්ඩායමට ඇතුළු වී අවු 11 දීම ඔහුට බාලදක්ෂ සාමාජිකත්වය ලැබිය හැකිය.

1 comments:

good... උත්සාහය සාර්ථකයි... සුබ දඩයම්...

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි