Sunday, July 14, 2013

උසස් පෙළ අයදුම්කරුවනට ප්‍රවේශ පත්‍ර තැපැල් කැර අවසන්

අ.පො.ස. උසස් පෙළ අයදුම්කරුවනට ප්‍රවේශ පත්‍ර තැපැල් කැර අවසන්

විභාග දෙපාර්තමේන්තුව කියයි
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2013 විභාගයට නියමිත අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර තැපැල් කර යවා ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි.
මේ වන විට ප්‍රවේශපත්‍ර 292,706ක් තැපැල් කර යවා ඇති අතර පාසල් අයදුම්කරුවන්ට අදාළ පාසලේ විදුහල්පතිවරයා වෙනත් පුද්ගලික අයදුම්කරුවන්ට ඔවුන්ගේ ලිපිනයන් වෙතත් යොමු කර ඇත.
විදුහල්පතිවරුන්ට මෙම ප්‍රවේශපත්‍ර ලැබුණු වහාම අදාළ පාසල් අයදුම්කරුවන්ට බෙදාදීම කළ යුතු බව දැනුම් දී ඇති අතර කිසිදු හේතුවක් නිසා ප්‍රවේශපත්‍ර ළඟ තබා ගැනීම නොකළ යුතුය.
ප්‍රවේශපත්‍ර වල පවතින විෂය නිර්දේශ වෙනස්වීම්, විෂයය වෙනස්වීම්, පෙනී සිටින මාධ්‍ය වෙනස් වීම් හා විෂයයන් එකතු කිරීම් යන සංශෝධනයන් පාසල් අයදුම්කරුවන් නම් විදුහල්පතිතුමා මගින්ද පුද්ගලික අයදුම්කරුවන් බත්තරමුල්ල විභාග දෙපාර්තමේන්තුවට ‍පැමිණ හෝ 011 2784422 යන ෆැක්ස් අංකයට ලිපියක් මඟින් ඉල්ලීමක් කළ යුතු වේ.
විභාග අයදුම්කරුගේ අත්සන අදාළ විදුහල්පති ශ්‍රී ලංකා අධ්‍යාපන පාරිපාලන සේවයේ නිලධාරියකු, සාමදාන විනිශ්චයකාරවරයකු, දිව්රැම් කොමසාරිස්වරයකු, නීතිඥයකු, ප්‍රසිද්ධ නොතාරිස් කෙනෙකු, සන්නද්ධ හමුදාවක කොමිෂන් නිලධාරියකු, වර්ෂයකට රුපියල් 237060 ක් හෝ ඊට වැඩි ඒකාබද්ධ වැටුපක් විශ්‍රාම වැටුපක් ලබන රජයේ නිලධාරියකු රජයේ විශ්‍රාම නිලධාරියකු, බෞද්ධ විහාරයක විහාරාධිපති හෝ නායක ස්වාමීන් වහන්සේ කෙනකු. අන්‍ය ආගමික පූජ්‍ය ස්ථානයක් භාර හෝ පූජ්‍ය පක්ෂයේ සැලකිය යුතු තත්ත්වයක් දරන කෙනකුට සහතික කළ හැකි වේ.

සුභාෂිණී සේනානායක

0 comments:

Post a Comment

ඔබගේ අදහස් අපට මහ මෙරකි